දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර 14 දා දහවල් ඇති වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල කරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
වැලි ජාවාරම්කරුවන් අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව මේ ගැටුම හට ගෙන ඇති අතර ඔවුන් දෙපිරිස උදළු සවල් හා මුගුරු වලින් එකිනෙකාට පහර දීගෙන තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය සැකපිට පුද්ගලයින් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.