සුමිත් පොතුපිටිය –
රථගාලක නතර කර තිබූ යතුරුපැදියක් සොරාගෙන කිලෝමීටර් 22කට අධික දුරක් තල්ලුකරගෙන ගොස් ඇති පුවතක් අළුත්ගම පොලිසියෙන් වාර්තා වේ.
බෙන්තර, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකිරීමේදී මේ පිළිබඳ අණාවරනය වී ඇති බව පොලිසිය කීය
කොළඹ ප්‍රදේශයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරන බෙන්තර, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ඉකුත් 4 දා අළුයම අළුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ රථගාලේ යතුරුපැදිය ගාල්කර රැකියාව සඳහා දුම්රියෙන් පිටව ගොස් ඇත. ඔහු සවස නැවත පැමිණීමේදී යතුරුපැදිය නොමැති බව දැන පැමිණිලි කර ඇති බව පොලිසිය කීය.
ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂක කැමරා 50 කට අධික ප්‍රමාණයක් පිළිවෙළින් පරීක්ෂා කිරීමේදී සැකකරු බලපිටිය දක්වා කිලෝමීටර් 22 ක දුරක් යතුරුපැදිය තල්ලුකරගෙන යන අයුරු නිරීක්ෂණය වූ බව පොලිසිය කීය.
බලපිටිය ප්‍රදේශයේ යතුරුපැදි අළුත්වැඩියා කරන ස්ථානයකින් එය පණගැන්වීමට උත්සාහ කර එයද අසාර්ථකවීමෙන් පසු යතුරුපැදිය ත්‍රීරෝද රථයක දමාගෙන රැගෙන යන අයුරුද පොලිසිය නිරීක්ෂණය කර ඇත.
සැකකරු යතුරුපැදිය තල්ලුකරගෙන යන අතරතුර අවස්ථාවේ කිහිපයකදී එය පණගැන්වීමට උත්සාහ කර ඇති බවත්, ඒ සදහා විවිධ පුද්ගලයන්ගේ සහය ලබාගෙන ඇති බවත් නිරීක්ෂණය වූ බව පොලිසිය සදහන් කරයි.
අළුත්ගම පොලිසිය සැකකරු සොයා තවදුරටත් විමර්ශන සිදුකරයි.