ඊයේ (31) රාත්‍රී කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මිය යෑමේ සිද්ධියක් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට ගිය කැබිතිගොල්ලෑව පොලිස් කණ්ඩායමකටඑල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් සැරයන්වරයෙක් මියගොස් තිබේ..
වාර්තාවන පරිදි කතාව මෙසේය.
වන අලි ප්‍රහාරයෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවට ලද ආරංචියක් මත ඊයේ රාත්‍රියේ කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිට ඇත.
එම අවස්ථාවේ දී ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක පමණ පිරිසක් විසින් කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්‍රදේශයෙන් හරස් කර විරෝධතාව පල කර තිබේ.
අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් වෙත ගල් මුඟුරු රැගෙන පහරදීමට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දී පිරිස පාලනය කරගැනීම සඳහා අහසට වෙඩි තැබූ බවත් කැබිතිගොල්ලෑව පොලීසිය පැවසුවේය.
එහෙත් එහිදී පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතළ තුවාල සිදුවී තිබේ. ඔහු එම අවස්ථාවේ දීම කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබේ.
අනුරාධපුරයට මාරු කර යවන අතරේ දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.
ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.







