බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරයි… පාර්ලිමේන්තුව උණුසුම්…

මේ තීරණයට පාදක වුන නීතපති වාර්තාව සහ ලේකම් මණ්ඩල වාර්තාව සභාගත කරන්න... විපක්ෂයෙන් ඉල්ලීමක්!

by editor
සැප්තැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විපක්ෂයේ මන්ත්‍රීවරුන්  32 දෙනෙක් ගේ අත්සනින් යුතුව ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම කථානායකවරයා විසින් අද (10) ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග  පාර්ලිමේන්තුව තුළ උනුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී කථානායකවරයා සඳහන් කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම නොගැලපෙන බැවින් සහ එය නිසි පිළිවෙලකට නොමැති වීම හේතුවෙන් තමාට එය පිළිගත නොහැකි බවය. තමන් මෙම තීරණය දැනුම් දෙන්නේ ලෝක සම්ප්‍රදාය සම්බන්ධව අධ්‍යයනයකින්  බව ද කතානායකවරයා පැවසුවේය.

එහිදී ස්ථාවර නියෝගයන් අනුව ප්‍රශ්නයක් මතුකරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පැවසුවේ  අගෝස්ත 12 දින කතානායකවරයා මුණ ගැසී විශ්වාසභංග යෝජනාව භාර දුන් බවත් 19 වැනිදා කතානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරනු ලැබුවේ අධ්‍යයනය කර ඒ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්ය.

පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා මේ සම්බන්ධව නීතිපති උපදෙස් ලබා ගත යුතු බවත්, ලේකම් මණ්ඩලයේ මතය ලබා ගත යුතු බවත් ප්‍රකාශ කළ බව කී ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා නීතිපති උපදෙස් සහිත වාර්තාව සහ ලේකම් මණ්ඩලය ලබා දුන් වාර්තාව සභාගත කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහු පැවසුවේ නීතිපති දැනුම් දී ඇත්තේ මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමට නෛතික බාධාවක් නොමැති   යැයි  දැනගන්නට ලැබුණු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කරමින් නියෝජ්‍ය ඇමතිවරයෙක් යනු විධායකයේ කොටසක් බවත්, ස්ථාවර නියෝගවල සඳහන් නොවූ පමණින් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොකළහැකි බවට තීන්දු කළ නොහැකි බවත් පැහැදිලි කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“කරුණාකරලා අපට සවන් දෙන්න. ඔබතුමා ඔබතුමාගේ ප්‍රකාශය පදනමක් ඇතිව ප්‍රකාශ කළා සේම අපටත් සවන් දෙන්න. ස්ථාවර නියෝග තුළ අමාත්‍යවරුන්ට විශ්වාසභංග යෝජනා පිළිබඳව නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ් නිශ්ශබ්ද තාවයෙන් හැඟෙන්නේ විශ්වාසභංග යෝජනාවක් ගේන්න බෑ කියන කාරනාව නෙමෙයි. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ  46.1 ව්‍යවස්ථාවට. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයෙකුත් විධායක බලතල ක්‍රියාත්මක කරනවා. විධායක බලතල ක්‍රියාත්මක කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එලෙස විශ්වාසභංග යෝජනා ගෙනෙන  එක වෙස්මිනිස්ටර් සම්ප්‍රදායක්.

45.3 ව්‍යවස්ථාව යටතේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව  විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා.  Erskine May  පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන ඔබතුමාම සඳහන් කලා. මේ පූර්වාදර්ශ, පාර්ලිමේන්තු ක්‍රමවේදය ගැන ඔබතුමා පරිශිලනය කළා නම් එම විශ්වාසභංගය ගේන්න පුලුවන් විතරක් නෙමෙයි, කරුණාකරලා නීතිපතිවරයා ලබා දුන් උපදෙසත් ලේකම්වරුන්ගේ කාර්යමණඩලය ලබා දුන්න වාර්තාවත් අපට බලන්න සභාගත කරන්න.  ඒක අවශ්‍යයයි. ඒ්ක පරිශීලනය කරලා අපේ මතයක් මේ සභාවේ ඉදිරිපත් කිරිමේ අයිතිය අපට තියනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ විධායක බලය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විශ්වාස භංග යෝජනාවක්    ගේන්න පුලුවන්.   ඒ්කට කිසිම බාධාවක් නෑ.  “

පාස්කු චූදිතයින් සැඟවීමට උත්සාහ කිරීම ගැනත්, පක්ෂය භේද වීම වැලැක්වීමට කථානායකවරයා  කරන උත්සාහයන් ගැනත් විපක්ෂයෙන් චෝදනා එල්ල වෙද්දී සභානායක බිමල් රත්නායක පැවසුවේ පාර්ලිමේන්තුවට අදාල යෝජනාව නිසි ආකාරයෙන් විධිමත්ව ඉදිරිපත් කරන ලෙසත් ඕනෑම විවාදයකට ආණ්ඩු පක්ෂය සූදානම් බවත් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රයාල ඝාතන ප්‍රයත්නයෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් දිවි ගලවා ගනී!

Next Post

Dearo Agri රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ සමග එක් වේ

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.