පුරවැසි හඬ බහුජන සංවිධානයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය හා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර ගත් බව එම සංවිධානය නිවේදනය කරයි.
පුරවැසි හඬ ප්රමුඛ සංවිධාන 37ක් බහුජන සංවිධානයක් ලෙස එක්ව සිටින්නේ රට පවතින තත්ත්වයෙන් මුදවා ගැනීමට ජනසමාජය සවිබල ගන්වන නිර්පාක්ෂික සංවිධානයක් ලෙසය.
නිර්පාක්ෂික හා ස්වාධීන සමාජ ක්‍රියාකාරියෙකු වීමත් කිසිදු පක්ෂ බේදයකින් ආගම් හෝ ජාති බේදයකින් තොරව සියලු පුරවැසියන්ගේ ගෞරවයට පාත්‍ර වූ අයෙකු නිසාත් බොහෝ විදේශීය නායකයන් හා ලෝක සංවිධාන සමඟ සම්බන්ධතා ඇති ලොවක් හඳුනන නායකයෙකු හා දූෂණ හෝ වංචාවන් පිළිබඳ චෝදනාවලින් තොර අයෙකු වීමත් අර්ජුන රණතුංග මහතා මෙම බහුජන සංවිධානයේ සභාපති තනතුරට පත් කර ගන්නට හේතු වූ බව ඔවුන් පවසයි.
මෙම බහුජන සංවිධාන සමූහය විසින් මේ වන විට රට ගොඩ නැඟීම සඳහා දස වැදෑරුම් වැඩසටහනක් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අල්ලස දූෂණය හා වංචාව රාජ්‍යයයෙන් තුරන් කිරීම, වර්ගවාදය විරුද්ධ වීම, රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, අමාතා්යංශ 25ක් මඟින් විධායකය පවත්වාගෙන යාම, එම අමාත්‍යංශ 25 සඳහාම ජාති ප්‍රතිපත්තියක් උපදේශන සභාවක් ස්ථාපනය කිරීම, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම, සියලු විෂය ක්ෂේත්‍ර මානව සංතෘප්තිය පාදක කොටගත් රාජ්‍ය දර්ශනයක් යටතේ පවත්වාගෙන යාම, දේශපාලඥයින් හා සියලු උසස් නිළධාරීන්ගේ වරප්‍රසාද කැප කොට රට ගොඩ නඟන දස වසක් ප්‍රකාශයට පත් කිරීම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක පදනම් කරගත් ජාතික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම වේ.