නව අග්‍රාමත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට තමන් එකඟ නොවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපානන් විසින් පැවසූහ.
ආගමික නායකයින් විසින් අද පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. මෙම අවස්ථාවට පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සේබිත හිමියෝ ද එක්ව සිහිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතාට ජනමතයක් නොැති බවත් පාර්ලිමේන්තුව තුළ එක් ආසනයක් පමණක් පවතින තැනැත්තෙකු අග්‍රාමත්‍යවරයා ලෙස පත්කිරීමට තමන් එකඟ නොවන බවත් අගරදගුරු හිමිපානන් පැසූහ.
ජනතාවට පිළිගත හැකි නිර්පාක්ෂිත තැනැත්තකු පත්කිරීම වැදගත් වන බවත් එසේ නොමැති තැනැත්තෙකු පත්කිරීම ගැටලු සහගත බවද උන්වහන්සේ වැඩිදුරත් පෙන්වා දුන්නේය.