- පළවෙනි කණ්ඩායම එක් පොලිස් නිලධාරියෙක් එක්ක සිවිල් කණ්ඩායමක් විදිහට. ඔවුන් සර්ච් වොරන්ට් එක පෙන්නුවෙත් නෑ. පොලිසිය මොකක්ද කියලා කිව්වෙත් නෑ… බලහත්කාරයෙන් මුළු කාර්යාලයම පරීක්ෂා කළා….
- දෙවැනි කණ්ඩායම වසන්ත මුදලිගේ හොයන්න කියලා සර්ච් වොරන්ට් එකක් අරන් ඇවිත් මුළු කාර්යාලයම පෙරළලා වීඩියෝ කරගෙන මෙතන හිටිය සියලුම සහෝදරවරුන්ගෙ නම් අරන් ගියා…
- පොලිසිය ආරක්ෂක අංශ මේ කරන්නෙ පොහොට්ටුවන් උත්තේජනය කරන දේශපාලන මෙහෙයුමක කොටසක්….
ජන අරගය වෙනුවෙන් විශාල භූමිකාවක් නිර්මාණය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ පිහිටි පක්ෂක කාර්යාලය හදිසි සෝදිසි කිරීමකට ලක් කිරීමට පොලිසිය අද (29) උදෑසන කටයුතු කළේය.
https://www.facebook.com/frontlinesocialist/videos/5356216064468881
මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කීාවේ පොලිසියේ නිල ඇඳුමින් යුතු නිලධාරියෙක් සමග පැමිණි සිවිල් ඇඳගත් පුද්ගලයින් දස කෙනෙක් පමණ අද උදේ 7.30ට පමණ සිය කාර්යාලයට කඩා වැදුණු බවය.
අපේ කිසිම අනුමැතියකින් සර්ච් වොනට් එකක්වත් පෙන්වන්නෙ නැතිව කාර්යාලයේ අස්සක් මුල්ලක් නෑර සොයන්න ගත්තා. අපි ඇහුවා ඔවුන්ගෙන් ඔය ගොල්ල මොන පොලිසියෙද කියලා. පොලිසියවත් කිව්වෙ නෑ.
ඒ සිදුවීම වෙලා ස්වල්ප වෙලාවකට පස්සෙ තිහක විතර පොලිස් කණ්ඩායමක් කඩා වැදුනා. ඔවුන්ගෙන් විමසුවා මොකක්ද මේකෙ තේරුම. මීට කලින් කණ්ඩායමක් ආවා. ඔවුන් කවුද කියලා.
“ඒ ආපු අය ගැන දැනන් හිටියානෙ නෑ කියල. අපි ඔවුන්ගෙන් ඇහුවා සර්ච් වොරන්ට් එකක් තියනව ද කියලා. ඔවුන් එය පේනනුවා. එහි තිබුණෙ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිකුත් කළ වොරන්ට් එකක්. ඔවුනුත් ඇවිත් මේ පරිශ්‍රය පරීක්ෂා කළා.“
“වසන්ත මුදලිගේට නිකුත් කළ සර්ච් වොරන්ට් එකක් හොයාගන අපේ පක්ෂ කාර්යාලයට එන්න උවමනාවක් නෑ. ඔවුන් මානසික මෙහෙයුමක් යනවා අරගකරුවන්ට වෙන්නෙ මේකයි කියන දේ පෙන්වන්න.“
“පොහොට්ටුවට අවශ්‍යයයි ඔවුන්ගෙ දුර්මුඛ වෙලා ඉන්න බිම් මට්ටම අවදි කරනෙ ඊලඟ ඡන්දයකට යන්න අවශ්‍ය ක්‍රියාවලිය හදාගන්න. ඔවුන් ආරක්ෂක අංශ යොදාගෙන රට පුරා භීෂණයක් වපුරනවා.“
“අද නිවුස් බෙල්ට් එකට මේක ඕන. ‘
“ආයුද සන්නද්ධ අරගලයක් ගැන දැන් කතාවක් යනවා. අද ඇවිත් සියලුම දෙනාගෙ නම් ලියාගත්තා. වීඩියෝ කරගත්තා. ඒ අය හදාගෙන යන පිටපතට අනුව වැඩ කරන්නෙ. මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ඉතිහාසය ගැන අපි දන්නවා. කුඩු පැකට් දාලා ආයුධ දාලා තරුණයින් අත්අඩංගුවට ගත් ඉතිහාසයක් අපට තියනවා. “
“දැන් එයාලට අවශය නම් ආයුධයක් දාලා මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න පුලුවන්. මේ පිටපත ගැන ජනතාව අවධියෙන් ඉන්න කියලා අපි ඉල්ලා සිටිනවා.“
https://www.facebook.com/frontlinesocialist/videos/2826578467637563