සාමකාමී අරගලකරුවන්ට පහර දී රට ගිනි තැබූ මැයි 09 අපරාධය සම්බන්ධයෙන් වූ නඩුවේ 28 වැනි සැකකරු ලෙස නම් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නව ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද නියෝග කළේය.
ඒ අනුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ජොන්ස්ටන් ප්‍රනාන්දු මුදා හැරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහු නියෝග කරනු ලැබීය.