එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී අයිසීසීය විසින් කැපී පෙනන දක්ෂතා පෙන්වනු ඇතැයි නම් කරන ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ ලයිස්තුවේ දෙවැනි තැනට වනිඳු හසරංගව නම් කර තිබේ.
විශේෂත්වය වන්නේ එම ලයිස්තුවට අන්තර්ගත එකම පන්දු යවන්නා වනිඳු හසරංග වීමය.
මෙසේ නම් කර ඇති ක්‍රීඩකයන් වන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර්, පාකිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් රිස්වාන්, ඉන්දියානු කණ්ඩායමේ සූරියකුමාර් යාදේව්, එංගලන්ත කණ්ඩායමේ ජොෂ් බට්ලර් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංගය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩකයන් නම් කීරීමේ දී ඔවුන් කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීම කෙරෙහි බලපාන සාධක ද ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රෙලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙම ලැසිස්තුවට නම් කිරීමට හේතු ලෙස ICCය පවසන්නේ, “පසුගිය වසරේ දී වෝනර්ට වඩා වැඩි ලකුණු ලබා ගත්තේ පාකිස්තාන නායක බාබර් අසාම් පමණක් වුවත්, වෝනර් සාමාන්‍යයෙන් තම මව්බිමේ ක්‍රීඩා කරන විට වඩා හොඳ ක්‍රීඩකයෙක් වන බවයි.
මෙම ලැයිස්තුවේ දෙවන තැන පසුවන වනිඳු හසරංග ඊට ඇතුළත් කරන්නට හේතුව ලෙස ICCය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වන විටත් ඔහුගේ හොඳ ම දස්කම් පෙන්නුම් කර ඇති බවත්, ඔහුට තම කණ්ඩායම වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු තනතීරුවල දී ආධිපත්‍යය පැතිරවීමට හැකියාව ඇති බවයි. 25 හැවිරිදි වනිඳුට ඔස්ට්‍රෙලියානු තනතීරු තුළ පන්දුවෙන් විශාල දක්ෂතාවක් දැක්විය හැකි බව පුරෝකථනය කරන අයිසීසීය , මෙවර දීත් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගන්නා ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට පැමිණෙනු ඇති බවය.
ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන්නේ විස්සයි විස්ස පිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන එංගලන්ත කණ්ඩායමේ නව නායකයා වන ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර්. ඔහුව එම ලැයිස්තුවට ඇතුළත් කරමින් අයිසීසීය කියන්නේ , එංගලන්ත කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රාහකයින් බවට පත් වීමට අවශ්‍ය කෙරෙන ප්‍රහාරයට නායකත්වය දීමට ජොස් බට්ලර් නියමිත වේලාවට කටයුතු කරනු ඇති බවය.
ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන ඉන්දිය ප්‍රහාරාත්මක පිතිකරු සූර්ය කුමාර් යාදව් 2022 වසරේ දී මතුවී ඇති ආකාරය විශ්මයජනක බවය. රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන ඉන්දියානු කණ්ඩායමේ වඩාත්ම වැදගත්, දක්ෂ දකුණත් පිතිකරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටුවනු ඇතැයි අයිසීසීයේ අපේක්ෂාවය. ICCය විසින් නම් කළ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ නවතම සටහනේ 32 හැවිරිදි යාදව් පසුවන්නේ දෙවැනි ස්ථානයේ ය.
මෙම ලයිස්තුවේ පස්වෙනි ස්ථානයේ පසුවන්නේ පාකිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ය. ඔහුව ඒ සඳහා නම් කිරීම වෙනුවෙන් ICCය හේතු ලෙස සඳහන් කරන්නේ, ඔහුට වඩා ස්ථාවර T20 පිතිකරුවෙකු සොයා ගැනීම අසීරු බවය. ඔහු මේ වන විට T20 පිතිකරණ ශ්‍රේණිගත ලැයිස්තුවේ පළමුවැන්නා බවට පත් වී ඇත







