ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් හෙට (ජුනි 20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
දැඩි මූල්‍ය අර්බුදයක පසුවන ශ්‍රි ලංකාවට ය මූල්‍ය සහය ලබාදීමට අවශය කාර්ය මණ්ඩල මට්ටමේ මූලික එකඟතා සහ ගිවිසුම් පිළිබඳව කටයුතු කිරීම පිණිස මෙම කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හෙට සිට දින කිහිපයක් මෙරට රැඳී සිටින මෙම කණ්ඩායම ජනාධිපතිවරයා , අගමැතිවරයා මෙන්ම මුදල් අමාත්‍යංශයේ සහ මහ බැංකු නිලධාරීන් හමුවීමට නියමිතය. එයින් පසුව ඉදිරි වැඩ කටයතු පිළිබඳව පියවර ගනු ඇත.
ඇමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න ණය සහනයක් මෙම වසර තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ වනවිටත් ඉල්ලා ඇති අතර ඒ පිළිබඳව ශ්‍රි ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කටයුතු කරමින් සිටි.
මෙතෙක් අන්තර්ජාලය ඔස්සේ පැවති සාකච්ඡා සජීවි මට්ටමින් කොළඹ දී ඉදිරියට කරගෙන යාමට නියමිය.
මෙම සංචාරයේදී කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.