බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

අසරණ ධීවරයින් කම්බස් කළ  බළපිටිය – අහුන්ගල්ල බස් කාරයින්ගේ භූමිතෙල් කොල්ලය…

බස්කාරයො බස් දුවන්නෙ ධීවරයින්ට රුපියල් 87ට ලැබෙන භූමිතෙල් කොල්ල කාලා… අහුංගල්ලෙ බස් දුවන්නෙ භූමිතෙල් වලින්… 

by editor
ජූනි 19, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – බළපිටිය –

ධීවරයන්ට සලාක ක්‍රමයට ලැබෙන භූමිතෙල් පෞද්ගලික බස් හිමියන් මංකොල්ල කන බවත්, ඉදිරියේ දී බස් රථවලට ඩීසල් නොදී භූමිතෙල් පමණක් දී බස් ගාස්තු සියයට හැත්තෑවකින් පහළ දමන ලෙසත් බළපිටියේ ධීවරයෝ ඉල්ලා සිටිති.

නිසිලෙස භූමිතෙල් නොලැබීම නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් විශාල සංඛ්‍යාවක් අනාථ වී ඇති බවට වූ තොරතුරු බොහෝමයකි.    මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අපි    බළපිටිය බ්‍රාහ්මණවත්ත හරස්පළ ධීවර තොටුපොළේ  ධීවරයින් හමුවූයෙමු. 

බ්‍රාහ්මණවත්ත හරස්පළ ධීවර තොටුපොළ…

ඔවුන් කියන්නේ තවත් ජඩ ජාවාරමක් ගැනය. ධීවරයින්ට ලැබෙන භූමිතෙල් ටික කොල්ලකාගෙන බස් දුවන බස්කාරයන්ගේ කතාව අප ඉන්නේ අහවල් රටකදැයි අපෙගෙන්ම ප්‍රශ්න කරගන්නට හිතෙන්නේය.

භූමිතෙල් ලීටරයක් සඳහා රජය දරන වියදම රුපියල් 362.26කි.   එහි සිල්ලර මිල රුපියල් 87කි. ඒ අනුව රජය අදටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 87කට විකුණන්නේ  රුපියල් 275.26ක පාඩුවක් දරමිනි. රජය මේ පාඩුව දරා ගන්නේ අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙනි. ධීවර කර්මාන්තයේ යෙදන පහළ මට්ටමේ ධීවර කාර්මිකයින් වෙනුවෙනි.

ඔවුන්ගේ භූමිතෙල්ටික කොල්ලකාගෙන රුපියල් 87ට ලීටරයක් ගන්නා බලපිටියේ බස් කාරයින් රුපියල් 400වන ඩීසල් ලීටරයක් වෙනුවට භූමිතෙල් ආදේශ කරගෙන සිටින්නේ බස් ගාස්තු සියයට 70ක් වැඩි වී ඇති පරිසරයකය.  

මේ ජඩ අවනඩුව ධීවරයින් අපට කී අයුරින්ම සටහන් කර තබන්නේ  මේ රටේ නමට හෝ ආණ්ඩුවක් ඇත්නම් උන්ට මේ වග පෙනෙනු ඇතැයි විශ්වාසයෙනි. 

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මුලින්ම මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූයේ  බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි දෙදරු පියෙකු වන ටෙෂාන් විනෝල්   (48) ය. ඔහු  මෙසේ කීය.

ටෙෂාන් විනෝල්

දැනට අවුරුදු විසි පහක පමණ කාලයක සිට ධීවර රක්ෂාව කරන්නේ. පොහොය දින හැර අවුරුද්දේ අනෙක් සෑම දිනකම මේ තොටුපොළෙන් අපි රක්ෂාව කරනවා. බෝට්ටු පනහකට වැඩිය දිනපතා රක්ෂාවේ යනවා. මේ වගේ වාරකන් කලෙට අපි කරන්නේ උදේට ගිහින් දැල් මුහුදේ දමල ඇවිත් පසුවදා අලුයම ගිහින් දැල් අරගෙන එන්නේ. 

ධීවර ජනතාව කාටවත් අතපාන්න කැමැති නැහැ. මේ රැකියාව කරගෙන යන්න විශාල බාධකය වී තිබෙන්නේ ඉන්ධන නැති වීමයි. බෝට්ටු ඇන්ජින් ස්ටාර්ට් කරන්න පෙට්‍රල් අවශ්‍යයි. මුහුදේ බෝට්ටු දුවන්නේ භූමිතෙල් වලින්. ඒත් මාසෙකට දවසක්වත් රස්සාව කරන්න භූමිතෙල් ලැබෙන්නේ නැහැ. 

ෂෙඩ් එකකට සති හතරකට තුනකට වරක් ලැබෙන්නේ තෙල් ලීටර් 6600 යි. ධීවරයෝ වන අපට භූමිතෙල් නිකුත් කරන්න රජයෙන් සලාක ක්‍රමයක් හදල තිබෙනවා. නමුත් තෙල් ආපු ගමන් බස් හිමියෝ සහ රස්සාවේ යන්නේ නැති ධීවරයන් පෝලිමේ ඉදිරියට පැනල තෙල් අරගන්නවා. රස්සාවේ නොයන ධීවරයන්ගේ භූමිතෙල් බස් හිමියෝ වැඩි මිලට ගන්නවා. මුහුදු රක්ෂාව කරන සැබෑ ධීවරයන්ට තෙල් ලැබෙන්නේ නැහැ. 

මේ හේතුවෙන් ධීවර රක්ෂාව කරගෙන යන්න බැරිවී තිබෙනවා. අද බඩු මිල අහස උසට නැගල. දුප්පත් අපට දරා ගන්න බැහැ. මේ සඳහා විධිමත් වැඩපිළිවෙළක් යොදන ලෙස ඉල්ලා සිටිනවා.

බළපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි දෙදරු පියෙකු වන ඉන්ද්‍රජිත් කුවින්දාහන්දි  (57) මෙසේ කීය.

ඉන්ද්‍රජිත් කුවින්දාහන්දි

මම අවුරුදු 12 සිට මේ රක්ෂාව කරන්නේ. මේ ප්‍රශ්නය ඇතිවුණේ මීට මාසයකට දෙකක සිටයි. බළපිටිය සහ අහුන්ගල්ල ෂෙඩ් දෙකේ බස් කාරයෝ ටැප් තියාගෙන ඉඳල එන භූමිතෙල් ටික සේරම ගන්නවා. ඩීසල් ලීටරයක් රුපියල් 400 ක් වෙන අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 87 යි වෙන්නේ. අපේ ඇතැම් ධීවරයෝ තෙල් සහනාධාරය අවභාවිතා කරනවා. ඔවුන් රුපියල් 87 ට ගන්න භූමිතෙල් ලීටරය රුපියල් 300 ට බස් හිමියන්ට විකුණනවා.

දැන් බස් සියල්ලම දුවන්නේ ඩීසල් වලින් නොව භූමිතෙල් වලින්. ඩීසල් මිල වැඩි කළ ගමන් බස් ගාස්තුව දෙගුණයකින් තුන්ගුණයකින් වැඩි කරනවා. මේ නිසා ඉදිරියේ දී බස් වලට ඩීසල් නොදී භූමිතෙල් පමණක් දීලා බස් ගාස්තුව සියයට හැත්තෑවකින් විතර අඩු කරන්න කියල රජයෙන් ඉල්ලා සිටිනවා. ගැමුණු විජේරත්නගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන අවධානය යොමු කරන්න කියලයි. 

තවත්  ධීවරයෙකු වන ඒ. රවිඳු ප්‍රියාන් මැන්දිස් (40) පැවසුවේ මේ අයුරින්ය.

ඒ. රවිඳු ප්‍රියාන් මැන්දිස්

පාසල් වියෙන් පස්සේ මේ රක්ෂාව කරන්නේ. එක මාසයකට තෙල් ලීටර් පන්සියයක් ලැබෙනවා. අපි දවසට හතර ගමනක් යනවා. එක වරකට තෙල් ලීටර් 30 ක් යනවා. දිය වැලේ හුළං මාරියාව තිබුණම ඊටත් වැඩියෙන් තෙල් පිච්චෙනවා. ලැබෙන තෙල් ටිකවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. සමහර දවසට මාළු නැතුව ගොඩ එන දවස් තිබෙනවා. ඇතැම් ධීවරයන් කියා ගන්නා පිරිසක් ෂෙඩ් වල පෝලිමේ ඉදිරියෙන්ම ඉඳල තෙල් අරගෙන බස් හිමියන්ට විකුණනවා. මේ ගැන පියවරක් ගන්නා ලෙස ධීවර ඇමැතිතුමාගෙන් සහ ඛනිජ තෙල් ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයි ද කීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ් කණ්ඩායම හෙට දිවයිනට!

Next Post

ලබන 23 දා පෙට්‍රල් නැවක් එනවා… එතෙක් පෝලිම්වල ඉන්න එපා… බලශක්ති ඇමති කියයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.