දිනසේන රතුගමගේ –
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මන්නාරම මුරුන්කන් රෝහලේ ගිලන් රියදුරෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (2) දා සිට අත් හිටුවා තිබේ.
මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ වී. විනෝදන් විසින් මෙම තීරණය ගෙන තිබේ.
වවුනියාව මහ රෝහලේ සේවකයෙකු හා මන්නාරම මුරුංකන් රෝහලේ ගිලන් රථ රියදුරා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතව සිටියදී පොලීස් නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන තිබිණි.
පොලීසිය විසින් මොවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන ඇත්තේ මුරුන්කන් පාසල් හන්දියේ ගැණුම් කරුවන්ට අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 179 ක් පැකැට් කීපයක අසුරා අලෙවි කිරීම සදහා රැගෙන ආ අවස්ථාවේදීය.
පොලීසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී මුරුන්කන් රෝහලේ ගිලන් රථ රියදුරා පොලිස් නිලධාරීන් සපා කා ඔවුන් සමග පොරබදා පලා ගොස් තිබේ.
අනෙක් සේවකයා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කොට ඇති පොලිසිය පලාගිය සැකකරුව අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සැලවීමෙන් පසුව පලාගිය මුරුන්කන් රෝහලේ ගිලන් රථ රියදුරාගේ සේවය අත් හිටුවා තිබේ.
මන්න්නාරම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.