ශ්‍රියානි විජේසිංහ –
එක්ස් කිරණ පරික්ෂණයකට සහ ස්කෑන් පරික්ෂණයකට ඊයේ (02) සවස සීතා ඇතින්නිය භාජනය කළ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.
මෙම පරික්ෂණයන් මගින් ඇතින්නියගේ සිරුර තුළ යකඩ කැබලි 8ක් පෙන්නුම් කරන බවත් හෘදය හා පෙනහලු පසා කර ගෙන තවත් උණ්ඩ ඇතුලු වී තිබේද යන්න පිලිබඳ නිරීක්ෂණය නොවන බවත් මහාචාර්යවරයා පැවසුවේය.
කෙසේ නමුත් පෙනහළු සහ හෘදය පසාරුකරගෙන යකඩ උන්ඩ ගමන් කර නොමැති බවට තමා ඇතුලු විශේෂඥ කණ්ඩායම විශ්වාස කරන බවත් එසේ සිදුව ඇත්නම් ඇතින්න මීට වඩා බරපතල තත්ත්වයන්ට පත්විමේ හැකියාවක් තිබෙන බවත් හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් මේ වන විට මාංශපේශී පසාරුකරගෙන තිබෙන යකඩ උන්ඩ 8 ඉවත් කරන්නේද නැද්ද යන්න පිලිබඳව ඉදිරි දිනවලදි විශේෂඥ වෛද්‍ය කණ්ඩායම හා ඇතින්නගේ භාරකරු සමග විශේෂයෙන් සාකච්ඡාවක් කර තීරණයකට එළඹෙන බවද මහාචාර්ය දංගොල්ල ලංකාසර කල විමසුමකදී පැහැදිලි කළේය.
මේ මොහොතේ ඇතින්න ශල්‍යකර්මයකට ලක් කිරීමේ සුදුසු තත්ත්වයක නොසිටින බවද හෙතෙම අවධාරණය කළේය.