බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිස් කිලෝ 344ක්, කොකේන් කිලෝ 124ක් සමග අශේන් පුතා ධීවර යාත්‍රාව මාලදිවයිනේ දී අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය අතර සාර්ථක බුද්ධි තොරතුරු වුවමාරු කර ගැනීමක ප්‍රථිපලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) ඊයේ (23 ) දින, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇති බව නාවික හමුදාව නිවේදනය කරයි.

මාලදිවයින් අනන්‍ය ආර්ථික කළාපය වෙත “අශේන් පුතා” ලියාපදිංචි අංක IMUL-A-0924-MTR දරණ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාව ඇතුලුවී ඇති බවත්, එම යාත්‍රාව යම් දෝෂයක් හෝ ආපදාවක් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයට ඇතුලුවී ඇත්ද යන්න සනාථ කරන ලෙසත්, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකායේ සමුද්‍රිය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින්, නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සේවිම් හා මුදාගැනිම් සම්බන්ධිකරණ මධ්‍යස්ථානය වෙත ඊයේ (23 ) දින අළුයම දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව, එම දැනුම් දීමට වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, එම යාත්‍රාව සම්බන්ධ නාවික හමුදාව සතු තොරතුරු පරික්‍ෂා කෙරිණී. නාවික හමුදාව සතුව පවත්නා බුද්ධි තොරතුරු අනුව, “අශේන් පුතා” ලියාපදිංචි අංක IMUL –A-0924-MTR නැමැති එම බහුදින ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යාත්‍රාවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි එම බුද්ධි තොරතුරු කඩිනමින් මාලදිවයින් වෙරළආරක්‍ෂක බළකාය සමඟ හුවමාරු කර ගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

නාවික හමුදාව විසින් ලබා දුන් එම බුද්ධි තොරතුරු අනුව, මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය විසින් එරට අනන්‍ය ආර්ථික කලාපය වෙත ඇතුලු වී තිබූ “අශේන් පුතා” බහුදින යාත්‍රාව සම්බන්ධව ඊයේ (23) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම යාත්‍රාවේ ප්‍රවාහනය කරමින් තිබු අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ක්‍රිලෝ ග්‍රෑම් 344 ක පමණ තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝ ග්‍රෑම් 124 ක පමණ තොගයක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු (05) මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය මඟින් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 37 ත් අත‍ර වන දෙවිනුවර සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ, මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයක්ද, නැතහොත් වෙනත් කලාපීය රාජ්‍යයකට රැගෙන යන්නක්ද යන්න පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදා බුද්ධි අංශය සහ මාලදිවයින් බුද්ධි අංශය එක්ව සිදු කරණු ලබයි.

තවද, ධීවර කර්මාන්තය මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කලාපීය සමුද්‍රීය පාර්ශව කරුවන් සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින්, නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මෙහෙයුම් සඳහා දායකත්වය ලබාදෙනු ලබයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රමදානය ඉවරයි… ජනතාව දුන් ජයග්‍රහණය වාර්තාගතයි… දැන් ඔබ වාර්තාගත ලෙස රටට වැඩ කර පෙන්විය යුතුයි… මල්වතු මහා නා හිමියෝ රජයට දන්වති!

Next Post

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට බලාත්මක කරමින් ජනපතිගෙන් ගැසට් නිවේදනයක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.