සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අයන් මෑන්ලා“ යාලේ කළ “බලු වැඩේ“ අද තිස්සමහාරාම අධිකරණයට…

by editor
ඔක්තෝබර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

“අයන් මෑන් “ ලෙස හැඳින්වෙන කොළඹ කෝටිපතින්ගේ ඕෆ් රෝඩ් වාහන කල්ලිය යාල ජාතික වනෝද්‍යානයට පෙරේදා (23) සිදුකළ හානිය සම්බන්ධව වන සතුන්ට බාධා කිරීම, වාසස්ථානවලට හානි කිරීම සහ යාල ජාතික වනෝද්‍යානයේ නීති රීති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ අද තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කරන බව යාල වනෝද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න ලංකාසරට පැවසීය.

මේ ආකාරයෙන් හඳුනාගත් වාහන පහක් සහ එම වාහන පහේ හිමිකරුවන් සඳහා මෙම චෝදනා ගොනු කරන බව උද්‍යාන පාලකවරයා වැඩිදුරටත් කීවේය.

 

සිද්ධිය සම්බන්ධව පැහැදිලිකිරීමක් කළ යාල ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු මනෝජ විද්‍යාරත්න මෙසේ ද පැවසීය.

“ අද මෙම සිද්ධිය සම්බන්ධව හඳුනාගත් වාහන පහක් සහ අයිතිකරුවන් සම්බන්ධව තිස්සමහාරමා අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඒ සමගම අභ්‍යන්තර විමර්ශනයක් කරලා මේ සිද්ධියට යම් ආකාරයකින් හෝ සම්බන්ධයක් ඇති නිලධාරියෙක් ඉන්නවා නම්  ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න දෙපාරත්මේන්තුව පැත්තෙන් විශේෂ වැඩපිළිවෙළක් දැන් දියත් වෙලා තියනවා. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ මේ සිද්ධිය සිදුවන්නෙ මෙහෙමයි.  යාල ජාතික වනෝද්‍යානයට වාහන 35ක් ඇතුළු වෙනවා. ඒ වාහන සියල්ලටම අවසර පත්‍ර නිශ්චිත මුදල් ගෙවා තමයි ලබා දෙන්න‍නෙ.“

“ ඒත් අපට මේ වාහන 35ටම මාර්ගෝපදේශකයන් ලබා දෙන්න ප්‍රමාණවත් මාර්ගෝපදේශකයන් නෑ. ඒ නිසා වාහන 05කට එක් මාර්ගෝපදේශකයා බැගින් මාර්ගෝපදේශකයන් 07ක් අපි ඔවුන්ට ලබා දෙනවා.“

මෙතනදි වෙන්නේ මේ කණ්ඩායම් අපේ මග පෙන්වගෙන්ගෙන් මිදිලා ඔවුන් පාරෙන් පිට වාහන ඇතුළු කීරීම.  මේ ස්ථානයේ දි විතරක් නෙමෙයි, යාල කිලෝමීටර 125ක දුර ඇතුළෙ විවිධ තැන්වල දී ඔවුන් පාරෙන් පිට වාහන යොමුකරවලා තියනවා. මේ සිද්ධිය වන ස්ථානයේ විනාඩි 10ක් විතර කාලයක් තමයි ඔවුන් රැඳිලා තියෙන්නෙ.“

“ මේ තත්ත්වය නිරීක්ෂණය වූ වහාම අපේ මගපෙන්වන්නන්  නියෝජ්‍ය උද්‍යාන පාලකවරයාට දැනුම් දී තියනවා මේ  කණ්ඩායම පාලනයෙන් තොර බව. ඔවුන් එළියට ගන්න අවශ්‍යයයි කියලා දන්වලා තියනවා. ඒ වනවිටත් ඔවුන් ඒ නීති විරෝධී කටයුත්ත කරලා ඉවරයි.

අපේ මාර්ගෝපදේශකයන් ගිය එක් වාහනයක්වත් මාර්ගයෙන් පිට ධාවනය කරන්න ඉඩ දීලා නෑ. ඔවුන්ව පාලනය කරගෙන ආපහු රැගෙන ඇවිත් තියනවා.  මේ කණ්ඩායම කිසිම සංයමක් නොතිබුණ කණ්ඩායමක්.“

“ දැනට මේ සිද්ධියට සම්බන්ධව හඳුනාගත් වාහන 05ක් සම්බන්ධයෙන් අද තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කරනවා. “

ලංකාසර – යාල පැහැරූ මේ පුද්ගලයින් කවුද?

පිළිතුර – අයන් මෑන් නමින් හඳුන්වා ගන්න ඕෆ් රෝඩ් වාහන සහිත කණ්ඩායමක්.

ලංකාසර – ඔබගේ කාර්යාලයට නුදුරින් මේ සිදුවීම වෙලා තියන බව චෝදනා එල්ල වෙනවා. ඔබ දැනගෙන මේක වෙන්න ඉඩ හැරිය ද?

පිළිතුර – මේ සිදුවීම වාර්තාවන කලාපයෙ පාරෙන් පිට මේ වාහන ධාවනය කරවන්නෙ විනාඩි 10ක් 15ක් විතර කාලයක්. මා මුලින් කී විදිහට මාර්ගෝපදේශකයන්ගෙන් කැඩිලා වෙනුවුන ධාවකයින් කණ්ඩායමක්  තමයි මේ නීති විරෝධී කටයුත්ත කරලා තියෙන්නේ.  අපි කවුරුහරි මේ සිද්ධිය යන්තම් හෝ දැනගත්තා නම් එය වෙන්න තියන්නෙ නෑ.   මේ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිද්ධ වෙනවා.

ලංකාසර – මේ පුද්ගලයින්ගෙ හැසිරීම නිසා වන සතුන් බිය වී පලාගොස් ඇති බව කියනවා?

පිළිතුර  – ඔව්… ඒක තමයි මෙතන තියන ප්‍රශ්නය. වාහන ගණනක් මේ විදිහට පාරෙන් පිට ඇවිත් මේ විදිහට නීති විරෝධීව හැසිරෙද්දි එන ඝෝෂාව ඇතුළු අනාරක්ෂිත හැඟීම වනතුන්ගේ චර්යාවන්ට විශාල බාධාවක් ඇති කරනවා.

ලංකාසර – ඒ භූමියත් විනාශ වෙලා ද?

පිළිතුර –  මේ වනවිට ඒ ස්ථානයේ වාහන පැදවූ බවට සලකුණක්වත් නෑ. ඒත් ඔවුන් කළ විනාශය තමයි වනසතුන්ට බාධා කිරීම. ඔවුන්ගේ වාසස්ථානවලට හානි කිරීම. උද්‍යානයේ නීති රීති කඩකිරීම.

ඊට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කරන්න සූදානම් වන්නේ ඒ නිසා. හඳුනාගත් වාහන පහකට එරෙහිව අද තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රීෂී සුනක්… ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ හින්දු ඇගමැති රිෂී සුනක් කවුද?

Next Post

පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන්ට ආණ්ඩුව කරන්න යන දේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.