ක්‍රිකට් ආයතනයේ කෝටි ගණනක මුදල් වියදම් කරමින් විධායක කමිටු නිලධාරීන් ඔවුන්ගේ බිරියන් හා හිතවතුන් විශාල පිරිසක් විස්සයි 20 ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාවට යාම ගැන වූ විගණකාධිපති වාර්තාව මේ වන විට සංසරණය වෙමින් පවතී.
ක්‍රීඩා ඇමතිවරයාගේ අණින් විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ මෙම වෝහාරික විගණනයේ වාර්තාව පාර්ලිමේන්තුවට යාමටත් ප්‍රථම මෙසේ ජනගත වාර්තාවක් බවට පත් වීම ක්‍රීඩා ඇමතිවරයාටද ප්‍රශ්නයක් වී ඇතැයි වාර්තා වේ.
විගණකාධිපති විසින් ක්‍රීඩා ඇමතිවරයා වෙත යවන ලද මෙම වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් ඇමතිවරයාටද හොරෙන් ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා වෙත යවා තිබේ.
හොරාගේ අම්මාගෙන් පේන අසන්නාක් බඳු මෙම ක්‍රියාව සිදු කිරීමට අමාත්‍යාංශයේ සිටින රජයේ විගණන නිලධාරිවරයා හා හිටපු උපදේශකයකු විසින් ලේක්ම් වරයාව නොමග යවා ඇතැයිද දැන ගන්නට ඇත.
දූෂණ රැසක් හෙළිදරව් කෙරෙන එම විගණන වාර්තාවේ කරුණු ඉදිරියේදී ලංකාසර වෙතින් බලාපොරොත්තු වන්න.