සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිට විදුහල්පති කාර්යාලය තුළ දී පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට…

by editor
ජූනි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

අම්බලන්ගොඩ  ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට විදුහල්පති නිල කාමරය තුළදී අද (19)   පෙරවරුවේ පහර දුන් බව කියන අයෙකු අද   දහවල් අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හෙට (20) බළපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ  පන්සල පාර, හෑගල්ල, කොස්ගොඩ ලිපිනයේ පදිංචි විජේමුණි චතුර මිහිරාජ් ද සොයිසා (44) නැමැති අයෙකි.

තමා, අද (19) පෙරවරුවේ සිය නිල රාජකාරි කාර්යාලයේ රාජකාරි කටයුතු කරමින් සිටියදී බැණ තර්ජනය කරමින් පැමිණි අයෙකු තමාට පහර දුන්නේ යැයි අම්බලන්ගොඩ, දේවානන්ද විද්‍යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා    පෙරවරුවේම අම්බලන්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබුණි.

පෙරවරු 9.00 – 10.00 ත් අතර මෙම පහරදීම සිදුකල බවද විදුහල්පතිවරයා  විසින් කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටලුවක්  හේතුවෙන් මෙම පහර දීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. විදුහල්පතිවරයාට පහරදුන් පුද්ගලයාගේ පුතා විදුහලේ බැට්මින්ටන් හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් දෙකේම නිරතව සිටින බවත් ආර්ථික අර්බුද හේතුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහැර දැමීමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් මීට අදාල ආරවුල නිර්මාණය වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

බැට්මින්ටන් ක්‍රීඩාව බාර ගුරුවරයෙකු විසින් සැකකරුගේ පුතාට පහර දීමක් සිදුකළ  බවට සැකකරු ප්‍රකාශ කරන බවද අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. පහර කෑමට ලක් වූ බව කියන සැකකරුගේ පුතා බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද සැකකරු විසින් අම්බලන්ගොඩ පොලීසියට ප්‍රකාශ කර තිබේ.

අදාල ගුරුවරයා විසින් සැකකරුගේ පුතාට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයා පියවර නොගත්තේ යැයි සදහන් කරමින් සැකකරු විසින් මෙම පහර දීම සිදුකර තිබෙන බවද මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකි විය.

විදුහලේ ආරක්ෂාව සදහා යොදවා ඇති ආරක්ෂක නිලධාරියාට බැණ තර්ජනය කර හා පහර දීමට උත්සාහ කරමින් සැකකරු විදුහල් භූමියට ඇතුල් වී තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

 

විදුහල්පතිවරයාට පහර දීම සිදුකල පුද්ගලයා මෙසේ ප්‍රකාශ කලද විදුහල්පතිවරයා අදාල සිදුවීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා ලෙස නිසි පියවර ගෙන තිබෙන බවද විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු සිද්ධියට අදාල සියල්ලන් වෙන වෙනම කැදවා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවද විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සදහන් කළේය.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එම් ඉරාන්   ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයර්ලන්තය පරදවා ඕමාන කණ්ඩායමට පෙරළිකාර ජයක්…

Next Post

චීනය බංගලාදේශයට බලෙන්ම විකුණන්න හදන අවි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.