අභියෝගවලට බයේ වගකිම් අත්හැර පලායන පුද්ගලයෙක් නොවන තමන් විපක්ෂය ගෙන එන්නේ යැයි කියන දෝෂාභියෝගයට මුහුණ දීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කීවේය.
ඔහු මේ බව පැවසුවේ අද (16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.
සැළසුම් සහතව සාවද්‍ය ප්‍රචාර සෞඛ්‍ය ක්ෂේත්රය අරභයා ගෙන යමින් තිබෙන බැවින් ඒ සියල්ල ඔප්පු කර පෙන්වීමට තමන් සූදානම් බව ඇමැතිවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය ඇමැති ලෙස මේ රටේ ලක්ෂ 22 ක් වන ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ වගකීම ඉටු කරන්නට තමන් කැපවී සිටින බව කි කෙහෙළිය රඹුක්වැල්ල තමන් මේ වනවිට අමාත්‍ය ධූර අටක වගකිම් දරා ඇති බව කීවේය.
විපක්ෂය ගෙනෙන දෝෂාභියෝගයට මුහුණ දීම සඳහා තම පාර්ලිමේන්තු සගයින් බලා සිටින බව කී ඇමතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනපති ධූරයෙන් ඉවත් වූ පසු රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී එම ධූරය බාර නොගත්තේ නම් අද මේ රට සිරියාවක්,ලිබියාවක් බවට පත්ව ඇතැයි ද කීවේය.