ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳ පොළට නිකුත් කරන ලෙසත්, ප්‍රමිතීන්ට අනුකූල නොවන සේ නිකුත් කර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත එකතු ගැනීමට කටයුතු කරන ලෙසත්, එසේ එකතු කරගත් ගෑස් සිිලින්ඩර සඳහා නව සිලින්ඩර නිකුත් කිරීමේ දී මුදල් අය නොකරන ලෙසත් ගෑස් සමාගම්වලට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේ ය.
නාගානන්ද කොඩිතුවක්කු ගොනු කර ඇති මෙම රීට් පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කෙරිණ.
රීට් පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන ජනවාරි 26 වෙනිදාට කල් තැබිණ.







