සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේක්ෂා රෝහලේ තවත් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක් බිඳ වැටේ… මේ වනවිට විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 02ක් සහ පෙට් ස්කෑනර් යන්ත්‍රය බිඳ වැටිලා…

At National Hospital and Maharagama Apeksha Hospital

by editor
දෙසැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –     

  • පිළිකා රෝගීන්ගේ පිළිකා පැතිරී ඇති ප්‍රමාණය තීරණය කරන, ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ  පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකම බිඳ වැටිලා…

  •  ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ කටයුතු නැවතී ඇත්තේ අවශ්‍ය ඖෂධ යෙදවුම් නැති නිසා…   අපේක්ෂා රෝහලේ නඩත්තු කාලය පහුවී තිබෙන නිසා..   රෝගීන් 400ක් පොරොත්තු ලේඛනයේ…                                        

මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා රෝගින් ප්‍රතිකාර ලබා දෙන ලිනියර්  ඇක්සලරේට යන්ත්‍රයක් බිදවැටීම හේතුවෙන් ළමා  පිළිකා රෝගීන් ප්‍රතිකාර කිරිම අඩාල වී ඇතැයි රජයේ විකිරණවේදී තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රෝහල සතුව මෙවැනි යන්ත්‍ර 5ක් පවතින අතර ඉන් යන්ත්‍ර 2ක්ම මේ වන විට බිඳවැටී ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම  පවසා සිටියි.

මෙම යන්ත්‍ර දෙක බිදවැටීම හේතුවෙන් දෛනිකව රෝගීන් 90ට පමණ සිදුකරන විකිිරණ ප්‍රතිකාරයන් මුළුමනින්ම නතර වී ඇතැයි හෙතෙම පැවසුවේය.

මහරගම පිළිකා රෝහලේ දිනකට රෝගීන් 420කට පමණ විකිරණ ප්‍රතිකාරයන් ලබා දෙන අතර මෙම යන්ත්‍ර දෙක අක්‍රීය වීමෙන් ප්‍රතිකාර ලබාදෙන සංඛ්‍යාවේ සීමා වී ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.

මේ අතර කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ  පවතින පෙට් ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර දෙක මාස දෙකක පමණ කාලයක සිට අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන්ගේ පෙට් ස්කෑන්  පරික්ෂණ කටයුතු මුළුමනින්ම ඇනහිට ඇතැයි හෙතෙම පැවසුවේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ නතර වී ඇත්තේ යන්ත්‍ර යේ  නඩත්තු කටයුතු හේතුවෙන් යැයි පවසන සභාපතිවරයා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් පරික්ෂණ නතර වි ඇත්තේ අදාල පරික්ෂණයන් සදහා ඖෂධ ලබා දීම සැපයුම්කරු නතර කිරිම හේතුවෙන් යැයිද ඔහු කියයි.

පෙට් ස්කෑන් පරික්ෂණයන් මගින් පිලිකා රෝගින්ගේ පිලිකාව පැතිරීමේ වේගය සහ පැතිර ඇති ප්‍රමාණයන් නිවැරදිව දැන ගැනීම හා ප්‍රතිකාරයන් කළ පසුව නැවත එය වර්ධනය වන්නේද යන්න පිලිබඳව දැන ගත හැකි බැවින් රෝගියාට ප්‍රතිකාරයන් ලබා දිම පහසු වේ.

නමුත් මෙම පරික්ෂණයන් නතර කිරිම හේතුවෙන් රෝගීහු මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇති බවත් මෙවැනි පරික්ෂණයක් පෞද්ගලික අංශයෙන් කර ගැනිමට නම් රුපියල් ලක්ෂ දෙකක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියයි.

කෙසේ නමුත් මේ වන විට පෙට්ස්කෑන් පරික්ෂණයන් සඳහා මාස 4ක පොරොත්තු ලේඛණයන්ද ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල සතුව පවතින බවද පැවසේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බයවෙන්න එපා… තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළා… කේරල සෞඛ්‍ය ඇමතිනිය කොවිඩ් JN.1 ගැන කියයි…

Next Post

ප්‍රකාශන හිමිකම් තනියම ලබා ගන්න විශේෂඥ සහය නැතිව දිඹුලාගල සෙල් ලිපිය කියවන්න ගිය පුරාවිද්‍යාවේ ස්වයං ප්‍රකාශිත පුරාවිද්‍යාඥයන් නාගෙන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.