ශ්‍රියානි විජේසිංහ –
-
පිළිකා රෝගීන්ගේ පිළිකා පැතිරී ඇති ප්‍රමාණය තීරණය කරන, ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකම බිඳ වැටිලා…
-
ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ කටයුතු නැවතී ඇත්තේ අවශ්‍ය ඖෂධ යෙදවුම් නැති නිසා… අපේක්ෂා රෝහලේ නඩත්තු කාලය පහුවී තිබෙන නිසා.. රෝගීන් 400ක් පොරොත්තු ලේඛනයේ…
මහරගම අපේක්ෂා රෝහලේ පිලිකා රෝගින් ප්‍රතිකාර ලබා දෙන ලිනියර් ඇක්සලරේට යන්ත්‍රයක් බිදවැටීම හේතුවෙන් ළමා පිළිකා රෝගීන් ප්‍රතිකාර කිරිම අඩාල වී ඇතැයි රජයේ විකිරණවේදී තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රෝහල සතුව මෙවැනි යන්ත්‍ර 5ක් පවතින අතර ඉන් යන්ත්‍ර 2ක්ම මේ වන විට බිඳවැටී ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.
මෙම යන්ත්‍ර දෙක බිදවැටීම හේතුවෙන් දෛනිකව රෝගීන් 90ට පමණ සිදුකරන විකිිරණ ප්‍රතිකාරයන් මුළුමනින්ම නතර වී ඇතැයි හෙතෙම පැවසුවේය.
මහරගම පිළිකා රෝහලේ දිනකට රෝගීන් 420කට පමණ විකිරණ ප්‍රතිකාරයන් ලබා දෙන අතර මෙම යන්ත්‍ර දෙක අක්‍රීය වීමෙන් ප්‍රතිකාර ලබාදෙන සංඛ්‍යාවේ සීමා වී ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.
මේ අතර කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ පවතින පෙට් ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර දෙක මාස දෙකක පමණ කාලයක සිට අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන්ගේ පෙට් ස්කෑන් පරික්ෂණ කටයුතු මුළුමනින්ම ඇනහිට ඇතැයි හෙතෙම පැවසුවේය.
ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ නතර වී ඇත්තේ යන්ත්‍ර යේ නඩත්තු කටයුතු හේතුවෙන් යැයි පවසන සභාපතිවරයා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් පරික්ෂණ නතර වි ඇත්තේ අදාල පරික්ෂණයන් සදහා ඖෂධ ලබා දීම සැපයුම්කරු නතර කිරිම හේතුවෙන් යැයිද ඔහු කියයි.
පෙට් ස්කෑන් පරික්ෂණයන් මගින් පිලිකා රෝගින්ගේ පිලිකාව පැතිරීමේ වේගය සහ පැතිර ඇති ප්‍රමාණයන් නිවැරදිව දැන ගැනීම හා ප්‍රතිකාරයන් කළ පසුව නැවත එය වර්ධනය වන්නේද යන්න පිලිබඳව දැන ගත හැකි බැවින් රෝගියාට ප්‍රතිකාරයන් ලබා දිම පහසු වේ.
නමුත් මෙම පරික්ෂණයන් නතර කිරිම හේතුවෙන් රෝගීහු මහත් දුෂ්කරතාවන්ට පත්ව ඇති බවත් මෙවැනි පරික්ෂණයක් පෞද්ගලික අංශයෙන් කර ගැනිමට නම් රුපියල් ලක්ෂ දෙකක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියයි.
කෙසේ නමුත් මේ වන විට පෙට්ස්කෑන් පරික්ෂණයන් සඳහා මාස 4ක පොරොත්තු ලේඛණයන්ද ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල සතුව පවතින බවද පැවසේ.