නතාෂා නෙත්මිණි
මහරගම අපේක්ෂා රෝහලේ නාරිවේද පිළිකා වාට්ටුවේ (28) කොවිඩ් ආසාදිතයෙක් හමුවීම හේතුවෙන් කාර්ය මණ්ඩල 4 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රෝගියා කොටහේන ප්රදේශයේ සිට රෝහලට පැමිණ ඇති අතර ඇය පිලිබඳව ඇති වූ සැකයක් මත පීසීආර් පරික්ෂණය සිදු කළ බවත් එහිදී ඇය කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී ඇති බවත් රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
මෙම ආසාදිත රෝගියා හෝමාගම රෝහලට වෙත යැවූ බවද ඔහු පැවසීය.