අප්‍රේල් මාසයේ 5 වැනිදා සිට ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති විය හැකි බව සාගාර විද්‍යාඥවරු පවසති. බටහිර ඔස්ට්‍රේලියා සාගර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි මහතා නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ එලිනිනෝ තත්ත්වය හේතුවෙන් මෝසම් වර්ෂාවේ අඩුවීමක් ද ඇති වන නිසා තත්ත්වය අර්බුදකාරී විය හැකි බවය.
මාර්තු 20 සහ 21 වනවිට සූර්යයා නිරක්ෂයට මුදුන්වන බව පවසන විද්‍යාඥවරයා සාමාන්‍යයෙන් මේ වකවානුවේ උෂ්ණත්වය ඉහළ අගයක් ගැනීම සිදුවන බවය. තව දෙසතියකින් ලංකාවට ඉහළින් ඉර මුදුන්වනවිට උෂ්ණත්වය ඉහළ යෑම සොබාදහමට අනුව සිදුන සාමාන්‍ය සංසිද්ධියක් වුවද මෙවර එය යම් විශේෂයත්වයක් ගනු ඇත්තේ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බව ඔහු පැහැදිලි කරයි.
“වලාකුළු රහිත අහසේ තද හිරු රැස් කෙලින්ම මේ භූමියට පතිත වෙනවා. අප්‍රේල් 5 වැනිදායින් පසු රස්නය තවත් වැඩි වෙනවා. අහස වලාකුළු රහිතයි. ඒ වගේම ඉදිරි මාස දෙක තුන තුළ මෝසම් වර්ෂාවේ අඩුවක් සිද්ධ වේවි. “
මහාචාර්ය චරිත පට්ටිආරච්චි පවසන්නේය.