සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ලක්ෂ 200ක් වටිනා වාහන මුදල් විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට…

by editor
මාර්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

දිඹුලාගල සිරිපුර නුවරගල ප්‍රදේශයේ, ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කරුවකු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා වාහන    අද ( 20 )   සවස   මුදල් විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව, අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකරුවා සතුව තිබු කුඩා ජේ.සී.බී, යන්ත්‍රයක්, මහ ට්‍රැක්ටරයක් ,ලොරියක්, ත්‍රීරෝද රථයක්, සහ යතුරුපැදි කීපයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස  අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක කේ.ටී.බණ්ඩාර   සඳහන් කළේය.

2011 අංක 40 දරණ පනතේ සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 7 [1] වගන්තිය  ප්‍රකාරව දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව මෙම වාහන තොගය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙම සැකකරු දීර්ඝ කාලයක සිට ගංජා සහ මත්පැන් අලෙවි කර ඇති අතර ඔහුට විරුද්ධව අධිකරණයේ අපරාධ නඩු කිහිපයක් තිබෙන බවත්, ඔහු මෑතක ගංජා කිලෝ පහක්, මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිරිපුර පොලිසිය මගින්   අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයේ නඩු පැවරූ 43 වියති නුවරගල, සිරිපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්  පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැකකාර පුද්ගලයා ගංජා, කසිප්පු ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ප්‍රදේශයේ තොග සහ සිල්ලර වශයෙන් බෙදාහැර තිබෙන අතර ඉන්  උපයාගත් මුදල්වලින් මෙම වාහන රැගෙන ඇති බවට පරීක්ෂණවලින් තහවුරු ඇති බවත් මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැටලීම මෙය බවත්, අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමකින් යුත් වාහන තොගය ද මේ වන බවත් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් රථ වාහන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (21)   ඉදිරිපත් කිරීමට නියමිත බව පොළොන්නරුව කොට්ඨාස විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.ටී. බණ්ඩාර   අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා  ගේ උපදෙස් පරිදි, පොළොන්නරුව සහකාර ‍පොලිස් අධිකාරී චානක ද සිල්වා  ගේ සහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, ජේ.පී.ආර්.කේ.ජාගොඩගේ, සිරිපුර පොලිස් ස්ථානාධිපති ජී.ආර්.ජී නෙත්තසූරියගේ    මැදිහත්වීමෙන්, පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.ටී.බණ්ඩාරගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන්, 42229 රංග,පොලිස් සැරයන් 71750 චින්තක, 68973 අතාවුද, පොලිස් කොස්තාපල් 84707 කුලතුංග, පොලිස් කොස්තාපල් 65318 සිල්වා, පොලිස් කොස්තාපල්, 34973 නිශ්ශංක, ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප්‍රේල් 05 වැනිදායින් පසු හොඳටම රස්නෙයි… එල්නිනෝ තත්ත්වය හේතුවෙන් මෝසම් වැස්සත් අඩුයි… සාගර විද්‍යාඥවරු කියති…!

Next Post

කෙහෙළිය… ඔයා  යාළුවොත් එක්ක ඔතනින්ම අපායට යන්න… බංකොලොත් රටේ අසරණයින්ගේ ජීවිතවල වටිනාකම බල්ලට දමා සෞඛ්‍ය බලධාරින් හොරා කෑ හැටි ගැන විගණනය කියන කතාව…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.