ශ්‍රියානි විජේසිංහ
විශ්‍රාම ගොස් ඇති වෛද්‍යවරුන් වහාම සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ අනුව නැවත සේවයට පැමිණීමට කැමැත්තක් දක්වන්නන් සිටින්නේ නම් ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නැයි අමාත්‍යාංශ බලධාරීන් වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත.
දුෂ්කර පළාත්වල සේවයේ නියුතුවීමට කැමති වෛද්‍යවරුන් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සදහන් කරයි
වෛද්‍යවරුන් විශාල වශයෙන් විදේශ ගත වීම හා විශ්‍රාම යාම හේතුවෙන් මේ වන විට රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාම ගිය ද නැවත සේවයට බැඳීමට කැ මැත්ත දක්වන වෛද්‍යවරුන් සඳහා මෙම අවස්ථාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකග වූ බව හෙතෙම පැවසීය.
මේ වන විටත් විශ්‍රාම ගොස් ඇති වෛද්‍යවරුන් නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළ කරමින් ඉල්ලීම් ඉදිරිපත් කරන බවද වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පැවසීය