සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුර අහන්න හිටිය ප්‍රශ්නය උස්සලා සජිත් අනුරට කලින් පාර්ලිමේන්තුවේ අහලා… පාර්ලිමේන්තුවත් සොමි තැනක් ඕයි.

by editor
ජූනි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට දියත් වෙමින් අති විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ඇසීමට සූදානම් කර විපක්ෂ නායක කාර්යාලය වෙත යොමු කළ ප්‍රශ්නයම අනුර කුමාර දිසානායකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අද පාර්ලිමේන්තුව තුළ හාස්‍ය ජනක තත්ත්වයක් ඇති කළේය.

අනධ්‍යන සේවක වර්ජනය ආවරණය වන ආකාරයට විස්තරයක් කරමින් විපක්ෂ නායකවරයා විසින් ප්‍රශ්න ගණනාවක් අධ්‍යාපන ඇමතිවරයා වෙත යොමු කළ පසු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානාය තමන්ගේ ප්‍රශ්නය ඇසීමට නැගී සිටි‌යේය.

එවිට කථානායකවරයා පැවසුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විමසන්නේත් විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයම බවත්, ප්‍රශ්න දෙකටම ඇමතිවරයා ඒකට පිළිතුරු දෙනවාදැයි දැනගන්නට කැමති බවත්ය.

අනතුරුව සංවාදය ඇදී ගියේ මෙසේය.

කතානායකවරයා – අනුර දිසානායක මහත්මයත් ඔය ප්‍රශ්නෙමයි අහන්නෙ. දෙකම ඒකට පිළිතුරු දෙනව ද?

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත – නෑ ඒතුමාටත් එම ප්‍රශ්නය අහන්න කියමු

අනුර කුමාර දිසානායක – පොඩ්ඩක් ගරු කථානායක තුමනි. ඒ්ක වෙන්නේ කොහොමද කියලට මට පොඩ්ඩක් පැහැදිලි කරනව ද?. කවුරුහරි ප්‍රකාශයක් නිකුත් කළාම නැවත අවස්ථාවක් දෙන්නේ නෑ, කලින් (ප්‍රශ්නය) කවුද ඒවන්නේ පස්සෙ ( ප්‍රශ්නය) කවුද ඒවන්නේ කියලා මට මොකක් හරි පැහැදිලි කිරීමක් කතා නායක තුමා මට ඉදිරිපත් කරනව ද?. එකම ප්‍රශ්නය කොහොමද මේ එන්නේ.

(පාර්ලිමේන්තු මහලේකම්වරිය කතානායකවරයාට සිද්ධිය පැහැදිලි කරයි.)

කතානායකවරයා – දෙකම ඒවලා තියෙන්නේ විපක්ෂ නායක කාර්යාලයෙන් මන්ත්‍රී තුමා. විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය 11.40ට එවලා තියනවා. ඔබතුමාගේ ප්‍රශ්නය එවලා තියෙන්නේ 12.10ට. ප්‍රශ්න දෙකේම අන්තර්ගත කරුණු සුලු වෙනස්කම් තියන නිසා තමයි ප්‍රශ්න දෙකක් හැටියට දාලා තියෙන්නේ.

අනුර කුමාර දිසානායක – අපට ක්‍රමයක් නැද්ද විපක්ෂ නායක කාර්යාලයට ඒවන්නේ නැතිව මේක ( ප්‍රශ්නය)  එවන්න.

(කථානායකවරයා සිනාසෙයි)

අනුර කුමාර දිසානායක – ඇත්තටම මම දැනගන්න කැමතියි.

කථානායකවරයා – ඔබතුමාගේ අභිමතය අනුව අපට කෙලින්ම එව්වත් ප්‍රශ්නයක් නෑ.

අනුර කුමාර දිසානායක – සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න ඒවන්නේ විපක්ෂ නායක කාර්යාලය හරහා. එහෙමයි ඔබතුමාට අපි ප්‍රශ්න ලැබෙන්න සලස්වන්නේ. ඔබතුමා මට කියනවා නම් කෙලින්ම මම ලේකම් තුමියට යොමු කරන්නම් මීට පස්සේ. ඒ්ක වඩාත් හොඳ වේවි කියලා මට හිතෙනවා.

මේක නිකම් පොඩි ළදරු ගේම් ඒකක් වගේ මට තේරෙන්නේ. අර චීප් වැඩ තියෙන්නේ. ( සිනාසෙමින්)  පව්.. පව්… මානසිකත්වයට පව්.

කතානායකවරයා ( සිනාසෙමින්) – එහෙම එකක් නෙමෙයි…. අපේ ඇමති තුමා උත්තර දුන්නම ඕක ඔතනින් ඉවරයි.

අනුර කුමාර දිසානායක – හරි… මගෙ ප්‍රශ්නය ඉවර කරන්නම් කතානායක තුමනි. ඔවාගෙ වැඩ තියනවා අපි ඉස්කෝලෙ යන කාලේ ගරු කතා නායක තුමනි. බෝලෙ හංගනවා. අනික් අයට කලින් බැට් ඒක ගන්න ඔ්න කියලා හිතනවා. කලින් බැට් කරන්නෙ කවුද කියලා වගේ පොඩි පොඩි ගේම් තියනවා.
(සිනාසෙමින් ) පව්…

පසුව අනුර කුමාර දිසානායකත් විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයට අන්තර්ගතය සමාන සිය ප්‍රශ්නය ඇසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උසස්පෙළ දිනවන ” A හදන මැෂින්වල” ව්‍යාපාර ගොදුරු වී පාසලත් ජීවිතයත් අත්හරින උසස් පෙළ දරුවෝ…

Next Post

ITN අනුර සජිත් විවාදයට විකාශ කාලය වෙන් කර දෙපාර්ශවයට ආරාධනා කරයි!  බ්‍රහස්පතින්දා රෑ 10 සිට  “තුලාව” වැඩසටහන විවාදයට  සූදානම්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.