රංජිත් රාජපක්ෂ –
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය ගාඩ්මොර් දමිල මහා විද්‍යාලයේ පාසල් භුමිය තුළ අනවසරෙන් අනාරක්ෂිත ලෙස කොන්ක්‍රිට් බොක්කු තොගයක් ගොඩ බා අහිංසක දරුපැටියෙකුගේ ජිවිතය විනාශ කිරිමට දායකවුන පුද්ගලයන් පස්දෙනෙකු මස්කෙලිය පොලිසිය විසින් ඊයේ (04) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පාසල් භුමිය ආසන්නයේ පිහිටි ගාඩ්මොර් වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියා සහ වතු කම්කරුවන් සිව්දෙනෙකි.
සැකකරුවන්එම වතුයායේ සංවර්ධන කටයුත්තක් සඳහා කොන්ක්‍රිට් බොක්කු තොගයක් රැගෙන විත් අනාරක්ෂිත ලෙස පාසල් භුමියේ ගොඩගසා තිබිණි.
එම කොන්ක්‍රිට් බොක්කුවක් එම පාසලේ පාසල් සිසුවෙකු මත පෙරලිමෙන් පසු බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු (04) දින ජිවිතක්ෂයට පත් වි තිබුණි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි ගාඩ්මොර් දමිල මහා විද්‍යාලයේ 6 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙකි.
ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග (04) දින පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්ථාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් පෙරලි පාසල් සිසුවාගේ ඇග මතින් පෙරලිමෙන් පාසල් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවී බරපතල ලෙස තුවාල ලබා ඇත.
පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිසුවා ජිවිතක්ෂයට පත් වි ඇත.
මරණය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පාසල් භුමියට අනවසරෙන් අනාරක්ෂිත ලෙස කොන්ක්‍රිට් බොක්කු ගොඩ බැසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මස්කෙලිය පොලිසිය වෙත නියෝග කළේය. එම නියෝගය මත මස්කෙලිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විමර්ශන පවත්වයි.