අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (30) සංවිධානය කර තිබූ විරෝධතා පාගමන කඳුළු ගෑස් හා ජල ප්‍රහාර දී විසුරුවාහල පොලිසිය පාගමනට එක් වූ සරසවි සිසුන් 25 දෙනෙක් අත්අඩංගුවට ගත්හ.
විරෝධතා පා ගමනට කඳුළුගෑස් ප්‍රහාරය එල්ල කළ පළවා හැරියේ මරදාන පොලිසිය ඉදිරිපිට ඩීන්ස් පාර ප්‍රදේශයේ දීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කටයුතු කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද සිය අයවැය කතාව පාර්ලිමේන්තුවේ දි ඉදිරිපත් කරමින් සිටිය දී උද්ඝෝෂකයින්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේය.
පසුගිය මේ ආකාරයෙන්ම සාමකාමී විරෝධතාවයකට පහර දී පළවා හල පොලිසිය ජනාධිපතිවරයාගේ විධානයන් යටතේ අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුරම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියොග යටතේ රඳවාගෙන ප්‍රශ්න කමින් ඇත.