ශ්‍රී ලාංකික අපරාධකරුවන් 30ක් ද සම්බන්ධ වී සිටින බාලවයස්කරුවන් අන්තර්ජාලය හරහා ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ ජාවාරමක් ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් හෙළිදරව් කරගෙන ඇතැයි හින්දු පුවත්පත වාර්තා කරයි.
ලෝකයේ රටවල් 100ක විසිරී සිටින කණ්ඩායම් 50කට ඇතුළත් 5000කට වැඩි මෙම අපචාරකයන් අතර පකිස්ථානයෙන් 36, කැනඩාවෙන් 35, ඇමරිකාවෙන් 35, බංග්ලාදේශයෙන් 31, ශ්‍රී ලංකාවෙන් 30, නයිජීරියාවෙන් 28, අසර්බයිජානයෙන් 27, යේමනයේ 24 සහ මැලේසියාවෙන් 22 ක් ඇතුළත් බව CBI කියයි.
ළමා අපචාර, සහ සමාජ මාධ්‍ය හරහා ළමා අසභ්‍ය දර්ශන බෙදා හැරීමත් එම දත්ත ගබාඩා කර තබාගැනීමත් සම්බන්ධයෙන් මේ පුද්ගලයින් වෙත චෝදනා එල්ල වී තිබේ.
ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ විත්තිකරුවන් පිරිසකට වීඩියෝ සහ පින්තූර බෙදාගැනීම සඳහා මුදල් ගෙවා ඇති බවයි. සැකකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා CBI මේ වන විට මුදල් ගෙවා ඇති දත්ත ඇසුරින් පරීක්ෂණ අරඹා තිබේ.