ශ්‍රියානි විජේසිංහ –
තම වෘත්තිය ඉල්ලිම් ලබා දෙන තෙක් ආරම්භ කළ වැඩ වර්ජනය ඉදිරියටත් ගෙන යන බව පවසන අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (19) සිට සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලයන් ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්බ කළ බව පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ජී. සුරංජීව සඳහන් කරයි.
විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති නායකයින් දසදෙනෙකු ඊයේ මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු මුණගැසීමට හා ඔහු සමඟ සාකච්ඡාවක් පැවැත් වීමට අවසර ලබා දුන් අතර එහිදී අද පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට අදාල ලියවිල්ල ඉදිරිපත් කර පිළිතුරක් ලබා දෙන බවට පොරොන්දු වූ බව හෙතෙම පැවසුවේය.
තවද ඊයේ (18) සවස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාතිවරයා මුණ ගැසී වෘත්තීය සමිති නියෝජිතයන් ඔහුට කියා ඇත්තේ මෙම වැඩ වර්ජනයට සෘජුවම සමබන්ධ වී ගැටලුව නිරාකරණය කර ගැනීමට ඉදිරිපත් වන ලෙසය.
කෙසේ නමුත් තම වෘත්තීය ඉල්ලීම් ලබා දෙන තෙක් ආරම්භ කළ වැඩ වර්ජනය ඉදිරියටත් ගෙන අය අතරම එය තවත් තීව්‍රකරමි සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කළ බවත් වෘත්තීය සමිති බලමණ්ඩලය අවදාරණය කරයි.









