මහනුවර අධි අවදානම් ගොඩනැගිලි හඳුනා ගැනීම සඳහා පත් කර තිබූ කමිටුව මගින් අධිඅවදානම් ගොඩනැගිල්ලක් ලෙස හඳුනාගෙන තිබූ මහනුවර ගෝතමී විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල මිලියන 15ක් වැය කර ප්‍රතිසංස්කරණය කර සුරක්ෂිත කිරීමෙන් අනතුරුව අද සිසු අයිතියට පත් කෙරිනි.
තෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැස සිදු වූ විශාල විනාශය හා ජීවිත හානියෙන් පසු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ විසින් මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ ගේ සභාපතීත්වයෙන් යුතුව, මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් ඇතුළු සමාජිකයන් 25 දෙනෙකුගෙත් සමන්විත වු ස්වාධීන කමිටුවක් පත් කර මහනුවර ගොඩනැගිලි ඇගයීමකට ලක් කෙරුවේය.
එහිදී මහනුවර ගෝතමී බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි අධි අවදානම් මට්ටමේ පවතින බව අදාල කමිටුව විසින් නිරීක්ෂණය කර තිබුණි.
අනතුරුව පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පිට විදුහලේ දරු දැරියන් මහනුවර අම්පිටිය ප්‍රදේශයේ වෙනත් ස්ථානයක තාවකාලිකව අධ්‍යාපන කටයුතු සිදු කිරීමට සලස්වා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ ආරම්භ කළේය.
රුපියල් මිලියන 15ක් වියදම්කර මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020.09.30 දින ආරම්භ විය. ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කළ ගොඩනැගිල්ල මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ ගේ ප්‍රධානත්වයෙන් අද (19) සිසු අයිතියට පත් කිරීම සිදුවිය.