එළඹෙන අප්‍රේල් 21 වන දා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කීය.
2019 වසරේ අප්‍රේල් 21 වන දින කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ උදෑසන 8.45ට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වු අතර, එය සිහිකිරීම වෙනුවෙන් එලෙස නිහඬතාවයක් පවත්වන බව කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.