ලලිත් චාමින්ද –
අධික ලෙස මත්පැන් පානය කොට ජිප් රථයක් පදවාගෙන ගොස් හබරාදුව නගරයේ දි කාර් රථයක් හා ජිප් රථයක් අනතුරට ලක්කිරිම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
මෙම විදේශිය ජාතිකයා හබරාදුව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මොහු මත්පැන් පානය කොට ගාල්ල දෙසට සිය ජිප්රථය ධාවනය කරගෙනගොස් ඇත.
හබරාදුව නගරයේ දි එංගලන්ත ජාතිකයාට ජිප් රථය පාලනය කරගැනිමට නොහැකිවිමෙන් මාතර දෙසට ධාවනය වෙමින් තිබු කාර්රථයක හා ජිප් රථයක ඔහු පැදවූ රථය ගැටි ඇත.
මෙකි අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් විදේශිය ජාතිකයා මත්පැන් පානය කොට රියපැදවිම හා අනතුරක් වලක්වානොගැනිම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි..
හබරාදුව පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්නගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්විණි.