ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් වෙත සැළ කර සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අදාළ ක්‍ෂේත්‍රවලදීත් අපනයනය පදනම් කරගත් විවෘත ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ ඇතිකිරීම සඳහාත් සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
During a discussion with @BorisJohnson today, I briefed him on the situation in Sri Lanka. He pledged to support us especially in the fields of tackling climate change and assisting Sri Lanka in becoming an export oriented open economy.
— Ranil Wickremesinghe (@RW_UNP) May 30, 2022
පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා අවසන් වනතෙක් ඉදිරි මාස කිහිපය සඳහා අවශ්‍ය මූල්‍ය සහය ලබා ගැනීමට අගමැතිවරයා විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින අතර ඊට අදාල පියවරක් ලෙස බ්‍රිතාන්‍ය අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.