කීර්ති ප්‍රනාන්දු –
පාදඩ නරුමයෙක් අතින් සාහසික ලෙස ඝාතනය වුණු අටලුගම ෆාතිමා අයේෂා අක්‍රම් දියණිය අද රෑ අඳුර මැද අටලුගම මහ පල්ලියෙන් අවසන් ගමන් කියාය.
රටේම සෝ සුසුම් මැද අවසන් ගමන් ගිය මේ දියණියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් තුන දෙනෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාර දුන්නේය.
අපරාධකරුවා දින තුනක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.