සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සිට විදුලි කප්පාදුවන අත්හිටුවනවා…. විදුලි බල හා බලශක්ති ඇමති!

by editor
පෙබරවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි කප්පාදුව අද ( 16)  සිට අත්හිටුවන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර   පැවසීය.

අද  පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනයත් සමග විදුලිය කප්පාදුව අත්හිටුවන ලෙස අද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබිණි.

මාධ්‍ය හමුව අමතමින් විදුලිබල හා බලශක්ති ඇමති කාංච විජේසේකර මෙසේ ද පැවසුවේය.

“අපි ජනවාරි මාසයේ ලබාදුන්න යෝජනාව ජනවාරි මාසයේ ක්‍රියාත්මක වුණා නම් අපිට තවත් පහසුවෙනවා. කෙසේ හෝ ප්‍රමාදයකින් හෝ ලැබීම තුළ මම හිතනවා අද දවසේ ඉඳලා අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන්න පුළුවන්. ඒ වගේම අපිට අද ඉඳලා ගල් අඟුරු, ඉන්ධන, නැප්තා ආනයනය කිරීම සඳහාත් අවශ්‍ය පහසුකම් බැංකු තුළින් ලැබීම සිදුවෙනවා. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වැරදි මතයක් සමාජ ගත කරන්න උත්සාහ කළා පුද්ගලයින් කිහිපදෙනෙක්. මේ ගාස්තු සංශෝධනය කරන්නේ විදුලිබල මණ්ඩලයේ පැරණි අලාභ පියවා ගැනීම සඳහා කියලා. ඒක කිසිසේත්ම වෙන්නේ නෑ. මොකද විදුලිබල මණ්ඩලයේ තිබෙන අලාභ පියවා ගැනීමට නෙමෙයි මේ ගාස්තු සංශෝධනය සිදුකරලා තියෙන්නේ. මේ අලුත් අය ක්‍රමය යෝජනා කරලා තියෙන්නේ අද ඉඳලා විදුලිය උත්පාදනය කරන්න යන වියදම ආවරණය කර ගැනීමට පමණයි.

මේ අය ක්‍රමය ලබාගන්න ප්‍රධානම හේතුව තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ පහසුකම ලබාගැනීමේ දී අපිට තිබුණ එක කොන්දේසියක් තිබුණා මහා භාණ්ඩාගාරයෙන් හෝ මහ බැංකුවේ මුදල් තවදුරත් ජනවාරි මස 1 වැනිදා ඉඳලා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ශ්‍රීලන්කන් ගුවන් සේවය වැනි රාජ්‍ය ආයතනවලට ලබාදීමට නොහැකියි කියලා. පසුගිය වසරවල අපි විදුලි බලය ලබාදීමේ දී ගාස්තුවට සරිලන අය ක්‍රමයක් නොතිබුණත් විවිධ රජයන් යටතේ මහා භාණ්ඩාගාරයෙන් තමා ඒ පරතරය පියවූවේ. ඒවා කරන්න පුළුවන් වෙන්නේ එකතු කරන බදු මුදල්වලින්. එතකොට අපි ජනවාරි 1 වැනිදා ඉඳලා එකඟතාවය පළකර තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාගැනීමට නම් අපි අපේ කිසිම රාජ්‍ය ආයතනයකට අමතර මුදල් ආයෝජනය කළ නොහැකියි, ලබාදිය නොහැකියි කියන එක. ඒ අනුව විදුලිබල මණ්ඩලයට කිසිම මුදලක් භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නේ නෑ.

මම විශ්වාස කරන්නේ නෑ තව විදුලිබිල වැඩිවීමක් ඉදිරියේදී සිදුකිරීමට සිදුවෙයි කියලා. මේ අය ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් අඛණ්ඩව විදුලි සැපයුම සිදුකිරීමත් අපේ රජය බලාපොරොත්තු වෙන්නේ ඊළඟ සංශෝධන තුළින් ඒ බර අඩුකරමින් ජනතාවට මේ විදුලිබිල තව අඩුවෙන් ලබාදෙන්න පුළුවන් ක්‍රමවේදයක් දක්වා යෑම සඳහාය.

ජනාධිපතිවරයා තවත් උපදෙසක් දුන්නා අඛණ්ඩ විදුලි සැපයුම පමණක් නෙමෙයි. මේ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කරගෙන සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඒ අනුව මුදල් අමාත්‍යංශයත් අපේ අමාත්‍යාංශයත් ඒකාබද්ධව ඉදිරියේ දී අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය පාවිච්චි කරන ජනතාව වෙනුවෙන් අපි ව්‍යාපෘතියක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එය කඩිනමින් කරන්න බැරිවෙයි. යම් කාලයක් අපිට යයි. ඒ වගේම ජනාධිපතිවරයා උපදෙස් දුන්නා රජය පවත්වාගෙන යන අධ්‍යාපන ආයතන සහ සියලුම ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන ඉන්දීය ඩොලර් මිලියන 100ක ණය ක්‍රමය යටතේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඒක ඉදිරි මාස 3 තුළ ක්‍රියාත්මක කරනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පසුගිය පැය 24 තුළ ලොව පුරා ස්ථාන 32ක භූ කම්පන…

Next Post

ගෝඨා රහසේ චීනයට ගිහින්… යානයට ගොඩ වී තිබෙන්නේ ගුවන් බඩු පර්යන්තයෙන්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.