අද (28) අර්ධ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට හිමිවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළේ රාත්‍රී 11.32 සිට හෙට අළුයම 3.56 දක්වා අර්ධ චන්ද්‍රග්‍රහණය දෘශ්‍යමාන වන බවයි.
චන්ද්‍රග්‍රහණය පැය 4යි මිනිත්තු 25ක සම්පූර්ණ කාලයක් පවතිනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
සූර්යග්‍රහණ මෙන් නොව මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය පියවි ඇසින් නැරඹීම ජනතාවට ආරක්ෂිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.