ඊශ්‍රයාල සහ පලස්තීන යුද්ධයේදී සිදුවෙමින් ඇති අමානුෂික ව්‍යසනය දක්වමින් වහාම මානුෂීය සටන් විරාමයක් ඉල්ලා ඊයේ (28) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත අරාබි රාජ්‍යයන් විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවක් අති මහත් බහුතරයකින් සම්මත වූ අතර ගාසා තීරයට ආධාර ප්‍රවේශය සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස යුද්ධය දියත් කර ඇති පාර්ශවවලින් ඉල්ලා සිටියේය.
යෝජනාව නොබැඳී සිටින ගෝලීය මනෝභාවය පිළිබිඹු කරන දේශපාලන බරක් සහිත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 121ක් ලැබී අත්පොලසන් නාදයක් මැද සම්මත වුනේය. 44 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. යෝජනාවට ප්‍රතිපක්ෂව ඡන්දය ලබා දුන්නේ ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඇතුළුව රටවල් 14ක් පමණි.
මෙහිදී ශ්‍රී ලංකාව ද යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබේ.
ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර, ඉන්ධන සහ විදුලිය ලබා ගැනීම සඳහා ඊශ්‍රායල හමුදා ක්‍රියාකාරකම් නතර කිරීමට එක්සත් ජනපදය සහාය ලබා දෙන නමුත් තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතියට සහාය දක්වන බවත් ඊශ්‍රායලයට “රතු ඉරි” නො අඳින බවත් දන්වා ඇත..