සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද ( 25) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී කොවිඩ් ආසාදිත බව තහවුරු වූ 49 හැවිරිදි කාන්තාවක්, දැරණියගල ප්‍රදේශයේ 43 හැවිිදි කාන්තාවක්, වරකාගොඩ ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි පුද්ලයෙක්, කොළඹ 8 ප්‍රදේශයේ 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය අය වෙති.
මේ අනුව ලංකාව තුළ වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 287කි.
එමෙන්ම අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 737ක් වාර්තා වීමත් සමග කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 55000 ඉක්මවා ගියේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ළෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 55288කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.