ලලිත් චාමින්ද
මීටියාගොඩ ඉන්ධන පිරහුම් හල අසල දී අද (25) පස්වරුවේ තරුණයකු කපා කොටා ඝාතනය කොට ඇති බව මීටියාගොඩ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කළ තරුණයාගේ අතක් වෙන් වෙන්නට කපා එය රැගෙන ගොස් ඉන්ධන පිරවුම්හලට නුදුරින් දමා ගොස් තිබිය දී පසුව හමු වී ඇත.
මේ අයුරින් ඝාතනය කර ඇත්තේ විසි පස් හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි .
දෙපාර්ශ්වයක් අතර කලක පටන් පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධව මීටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .