කීර්ති ප්‍රනාන්දු-
ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලේකම් කාර්යාලය දින නියමයක් නැතිව වසා දැමීමට තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් ප්‍රකාශ කළේය.
කොවිඩ් රෝග ලක්ෂණ ප්‍රකට කළ සේවකයින් කිහිප දෙනෙක් නිසා කාර්ය මණ්ඩලයේ 31 සඳහා අද උදේ කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් 10 දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බව තහවුරු වූ බවත්, ඉන් අනතුරුව තවත් රෝගීන් 05දෙනෙක් කාර්යමණ්ඩලයෙන් හමුවීමත් සමග දිස්ත්‍රික් ඉඩම් ලේකම් කාර්යාලය වසා දැමීමට තින්දු කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
මේ වනවිට සේවක කාර්ය මණ්ඩලයේ 100ක් සඳහා පී.සී.ආර් පරීක්ෂණ පවත්වන්නට නියමිතය.