කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.
කොවිඩ් මරණ වාර්තාගත ලෙස අඩුවෙමින් යන බව මේ සංඛ්‍යාලේඛණ තහවුරු කරමින් ඇත.
මේ වනවිට මෙරටින් නිල වශයෙන් වාර්තා කළ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13,102කි.
මියගිය අයගෙන් 31 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ය.
මියගිය අය අතර පිරිමි 24ක් සහ කාන්තාවෝ 19ක් වෙති. මේ සම්බන්ධව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.







