ඔක්තෝම්බර් 15 වැනිදා වන විට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත කොම්පෝස්ට් පොහොර, ජෛව දියර පොහොර සහ පොටෑසියම් පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කිසිදු අඩුවක් නොවන ලෙස මහකන්නය ආරම්භ කරන අදාල දිනයේ සිට එම පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේය.
පොටෑසියම් පොහොර තොග හෙට (5)ලංකාවට පැමිණීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් ඇති වී ඇති නමුත් ඒවා අමතරව ලබා දීමට නියමිතව සිටි පොහොර වර්ගයක් හෙයින් ගොවීන්ට එය ප්‍රශ්නයක් නොවනු ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.







