තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය. එම මරණ අතරට කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු වේ.
ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා කළ මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,875කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.







