විදුලි බල මණ්ඩලය විසින් අද (27) විදුලිය කැපීමට සිදු කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරි (සම්ප්‍රේෂණ) හට ලිපියක් යොමු කරමින්, පෙබරාවාරි 18 – 25 දක්වා විදුලිය කැපීමට, විදුලි බල මණ්ඩලයට අවසර දී ඇති නමුත්, ජනවාරි 27 සිට පෙබරවාරි 17 දක්වා කාලයේ විදුලි කප්පාදුවට අවසර නොදෙන බව පවසා ඇත.
තවදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම කාලය තුළ අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් අඛණ්ඩ විදුලි සැපයීමක් ලබා නොදීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
මෙම ලිපියේ පිටපත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හා සාමාන්‍යධිකාරිවරයා වෙතට ද යොමු කර ඇත