අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදහන් වූ 51 හැවිරිදි කාන්තාවගේ හිස සුන් මළ කඳ හමුවෙයි… ඝාතනයට සැක සැකකරු අතුරුදහන්!

by editor
සැප්තැම්බර් 29, 2023
in පුවත්
ඝාතනය වුන ප්‍රියන්ති...

ඝාතනය වුන ප්‍රියන්ති...

Share on FacebookShare on Twitter

දෙරණ පුවත් –

ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

ඒ අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවනු ලැබු අතර, එහිදී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවයි.

කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපණ ශාලවක් ඉදිරිපිටට පැමිණෙන ඇය, එහි රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ආපණ ශාලවට යන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී තිබිණි.

එහි දී එම කාන්තාව විසින් ආහාර මිල දී ගෙන දෙදෙනාම විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පිට ව යන අයුරු ද එහි වූ සීසීටීවී කැමරාවක සටහන් ව ඇත.

ඔවුන් පිට ව යන්නේ, KI 3030 දරන අලු පැහැති මෝටර් රථයකින් වන අතර, එතැන් සිට අදාළ කාන්තව අතුරුදන් ව ඇති බව පොලීසිය පවසයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසු ව මුල්ලේරියාව පොලීසිය විසින් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, එය සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් පුද්ගලයෙකුට අයත් වූවක් බවයි.

ඔහු සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේ දී අනාවරණ වී ඇත්තේ, අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බවයි.

ඔවුන් දෙදෙනා අතර කලක පටන් මුදල් ආරවුලක් හේතුවෙන් බහින් බස්වීම් සිදු ව ඇති අතර, දෙදෙනාම විවාහකයන් බව පොලීසිය සඳහන් කර ඇත.

අනතුරු ව ඔහු ගේ සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි අත්හැර දමා ඇති නිවසක් පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් ද සොයාගෙන තිබේ.

ඒ පිළිබඳ සපුගස්කන්ද පොලීසියට දැනුම්දීමෙන් අනතුරු ව ඔවුන් විමර්ශන සිදු කරන අතරතුර දී ඊයේ දහවල් අදාළ නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් වූ කැලණි ගඟේ ඉවුරක තිබී හිස හා අත් පා නොමැති කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ සිරුර දින දිකක සිට අතුරුදන් ටී.ජී ප්‍රදීපා නම් 51 හැවිරිදි කාන්තාව ගේ බවට ඇය ගේ ඥාතීන් විසින් අද පස්වරුවේ හඳුනාගත් බවයි.

එමෙන්ම ඇය සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතන බව ද ඔහු සඳහන් කළේය.

මේ වනවිට සුධීර වසන්ත නම් 55 හැවිරිදි අදාළ පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් ද පනවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය හා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 07ක බිහිසුණු පරාජයක්!

Next Post

සුරාබදු නිලධාරීන්ට පහර දී සල්ලිත් කොල්ල කෑ අපරාධකරුවන් දෙදෙනා අත් අඩංගුවට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.