අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) එච්.යූ ප්‍රේමතිලකගේ අත්සන ව්‍යාජ ලෙස යොදා කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි ශ්‍රේණිවලට ළමුන් 17 දෙනෙකු ඇතුළත් කර තිබෙන බව විගණන පරීක්ෂණයක දී හෙළිව ඇත.
අදාළ සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබූ සියලුම ලිපි ශීර්ෂද අධ්‍යාපන අමාත්‍යාංශයේ නියම ලිපි ශීර්ෂ නොවන බව අනාවරණය වී තිබේ.
වසර 2018-2021 අතර කාලයේ දී විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්‍රේණිවලට මෙම ළමුන් ඇතුළත් කරගෙන තිබෙන බව විගණනයේ දී හෙළිව ඇත.
මෙම සිසුන් ඇතුළත් කිරීම සඳහා යොමුකර තිබූ ලිපිවල සඳහන් දෙමාපියන්ගේ තනතුරු හා ලිපිනයන් බොහොමයක් ද ව්‍යාජ ඒවා වන අතර මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඇතුළත් කර ගන්නා ලද ළමුන් 17 දෙනාට අමතරව අදාළ කාලය තුළ ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පංති සඳහා චක්‍රලේඛණ වලට පටහැනිව ළමුන් 180 දෙනෙකු ඇතුළත් කරගෙන තිබෙන බව ද හෙළිව තිබේ.
ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර එම ලිපි ලේඛණවල සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගැනීමට කඩිනමින් කටයුතු කළ යුුතු යැයි ද විගණන පරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දී ඇත.
මධ්‍යම පළාතේ කිසිදු පාසලකට ළමුන් ඇතුළත් කර ගන්නා ලෙස දැනුම් දෙමින් තමන් කිසිදු ලිපියක් යොමුකර නොමැති බවත් ශාන්ත අන්තෝනි බාලිකාවට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා යොදාගෙන තිබෙන තම අත්සන ව්‍යාජ එකක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.යූ ප්‍රේමතිලක ලිඛිතව දැනුම් දෙමින් ඒ පිළිබඳ පරීක්ෂා කර කූඨ ලේඛණ සැකසීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පවසා තිබේ.
විගණන වාර්තාවේ පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්,පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමුකර ඇත.







