අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් හිස කපා ඝාතනය කළ කාන්තවගේ ඝාතකයන් කරන ප්‍රකාශ පරස්පරයි… රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න අධිකරණයෙන් නියෝගයක්!

by editor
ඔක්තෝබර් 4, 2023
in පුවත්
සැකකාර ඝාතකයා (මැද) ඝාතනය වූ කාන්තාව...

සැකකාර ඝාතකයා (මැද) ඝාතනය වූ කාන්තාව...

Share on FacebookShare on Twitter

මුල්ලේරියාවේ තෝමස් චොන්ගම  පදිංචිව සිටි තඹවිට ගුරුගේ ප්‍රදීපා සිල්වා නමැති පනස් දෙහැවිරිදි තිදරු මව ඝාතනය කර ඇයගේ හිස හා අත් පා ශරීරයෙන් වෙන් කොට මළසිරුර වගුරු බිමක දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ ප්‍රධාන සැකකරු හා ඔහුගේ සගයා තවදුරටත් පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කීරීම  සඳහා මහර අංක 02 අධිකරණයේ මහෙස්ත්‍රාත් ජනිතා පෙරේරා  විසින් ඊයේ (03 වැනිදා) සපුගස්කන්ද පොලිසියට අවසර ලබා දුන්නාය.

පොලිසිය  අධිකරණයෙන්  කළ ඉල්ලීමකට අනුව  මහෙස්ත්‍රාත්වරිය මෙසේ අවසර ලබා දී ඇත.

එසේ රඳවා  තබා ගෙන ප්‍රශ්න කෙරෙන්නේ පෙරේදා (02දා) නීතිඥයින්  මාර්ගයෙන් පොලිසියට භාරවූ මෙම ඝාතනයේ ප්‍රධාන  සැකකරු වන සියඹලාපේ දකුණ, මාහේන පාර පදිංචි ව්‍යාපාරිකයකු වන බී.ජී.සුදීර (53) හා ඔහුගේ සගයා වන  සියඹලාපේ දකුණ, සමෘද්ධි මාවතේ පදිංචි කපුවකු බව කියන  ජී.ආර්. රෝහිත කුමාර (48) යන දෙදෙනාය.

සපුගස්කන්ද පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.පී. කුලරත්න හා නඩු මෙහෙයුම් අංශයේ සැරයන් චමින්ද (478) යන නිලධාරීන්  විසින් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

මේ අතර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  පෙරේදා (02දා) පස්වරුවේ පැමිණ කාන්තාව ඝාතනය කළ  බව කියන සියඹලාපේ දකුණ නිවෙස හා මෝටර් රථය  පරික්ෂා කළහ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කාන්තාවගේ හිස හා අත්පා ගලහිටියාව පාලම අසලින් ඇළට දැමූ බවට සැකකරුවන් ප්‍රකාශ කර තිබෙන නිසා එම කොටස් සෙවීමට පොලිස් නාවික කොට්ඨාසයේ සහාය ලබා ගැනීමට කටයුතු කර තිබෙන බව ද පොලිසිය කීය.

27 වැනිදා කඩුවෙල සිට ඝාතනය වූ ස්ථානයට

ඉකුත් 27 වැනිදා උදෑසන සිය නිවෙසින් පිට වූ මේ කාන්තාව එදින දහවල් සියඹලාපේ දකුණ පිහිටි ප්‍රධාන සැකකරුට අයත් දෙමහල් නිවෙසට පැමිණි බවට තොරතුරු ලැබී ඇත.

එදින දහවල් 11.00 ත් 12.00 ත් අතර කාලයේ එම නිවෙස තුළම ඇය ඝාතනය කොට හිස හා අත් පා ශරීරයෙන් වෙන් කර ඒවා ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පසුදින  (28 වැනිදා) අලුයම ගලහිටියාව පාරේ තිබෙන පාලම අසලට  රැගෙනවිත් එහි ඇළට දැමූ බව සැකකරුවෝ පවසති.

ඝාතනය සම්බන්ධ සැකකරුවන්ගේ  ප්‍රකාශ

මේ ඝාතනය තමා විසින් සිදු කළ බව පවසන දෙවන සැකකාර කපුවා පසුව දෙදෙනාම එක්වී මළසිරුර උරයක දමා රැගෙන ගොස් ඇළට දමා නුවරඑළියට ගිය බවට ද පවසා තිබේ.

දෙවන සැකකාර කපුවා පවසන්නේ දෙදෙනාම ප්‍රධාන සැකකරුගේ මෝටර් රථයෙන් පැමිණ පළමුව කාන්තාව නිවෙස තුළට එනවිට තමා කාන්තාව ඝාතනය කළ බවය.

කඩුවෙල සිට කාන්තාව තම මෝටර් රථයෙන් පැමිණ පසුව ඉන් බැස ත්‍රිරෝද රථයකට නැග පැමිණි බවත් පසුව තමා නිවෙසට පැමිණෙන විට තමාට පෙර නිවෙසට ආ කාන්තාව කපුවා විසින් ඝාතනය කර තිබූ බවත් ප්‍රධාන සැකකරු පවසයි.

මේ අතර ඝාතනය සිද්ධියට සම්බන්ධ මෝටර් රථය ද නුවරඑළිය ප්‍රදේශයේ තිබි මහබාගේ පොලිසිය විසින් සොයා ගෙන එම මෝටර් රථය සපුගස්කන්ද පොලිස් ස්ථානයට පෙරේදා පස්වරුවේ භාර දී තිබේ.

මේ කාන්තාව ඉකුත් 27 වැනිදා   අංගොඩ සිය නිවෙසින් පිටත්ව යෑමෙන් පසුව අතුරුදන්ව තිබිණි.

ඊට පසුදින (28 වැනිදා) පස්වරුවේ සියඹලාපේ දකුණ ප්‍රදේශයේ  පිහිටි කොට්ටුන්න වැවේ  තිබී හිස හා අත්පා නැතිව මළසිරුර හමුවූ අතර පසුව ඇයගේ ඥාතීන් විසින් එම මළසිරුර හඳුනා ගන්නා ලදි.

මේ වනවිට මළ සිරුර රාගම මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර මෙතෙක් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන දිනයක් තීරණය කර නැත.

සාක්ෂි පරස්පරයි

කෙසේ වෙතත් ඊයේ කළ ප්‍රශ්න කිරීම්ව ලදී සැක කරුවන් දෙදෙනා විසින් ලබා දෙන සාක්ෂිවල පරස්පරතාවයක් නිරීක්ෂණයවන බව විමර්ශකයෝ කියති.

දැනට කරන ලද ප්‍රශ්න කිරීම්වලින් සැකකාර ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන්ට මරණකාරියගෙන් කරදර ඇතැයි ඔහුගේ හිතවත් කපුවාට පවසා ඇති බවය. පුරා වසර විස්සක් තිස්සේ මෙම පුද්ගලයා සමග ඇසුරක් පවත්වාගෙන  ගිය කාන්තාව ව්‍යාපරිකයාගෙන් මිල මුදල් ඉල්ලා කරදර කරන බවත් ඇයට ඔහු විසින් ඉඩම් ගේ දොර නිවාස සහ මිල මුදල් ද ලබා දි තිබෙන බව හෙළි වී තිබේ.

කපුවාගේ කීම මත ව්‍යාපාරිකයා විසින් සිය අනියම් පෙම්වතිය වූ මෙම කාන්තාව කඩුවෙල ආපන ශාලාවේ සිට ඇය ඝාතනය කළ සියඹලාපේ දකුණ මාහේන ප්‍රදේශයේ පාලු පාළු නිවස වෙත   රැගෙන විත් තිබේ.

විමර්ශන අංශ පවසන්නේ කපුවා විසින් කාන්තාව ඝාතනය කිරීම සම්බන්ධ කරන ප්‍රකාශයන්හි සැක සහිත තැන් ඇති බවය.

ඔවුන් දෙදෙනා හිතා මතා කලින් සැලසුම් කළ ආකාරයට මෙම ප්‍රකාශ පොලිිසිය ඉදිරියේ සිදුකරන බවට සැකයක් ඇති බවස පොලිසිය කියයි.

විමර්ශන අංශ පවසන්නේ මේ තත්ත්වය තුළ කාන්තාව ඝාතනය සම්බන්ධ සත්‍ය තොරතුරු තවමත් හෙළි නොවන බවය.

සැකකරුවන් දෙදෙනා වෙන් කර ප්‍රශ්න කිරීමේ දී පල කරන අදහස් තවමත් විශ්වාස කළ නොහැකි බව ද විමර්ශන අංශ කියයි.

සැකකාර කපුවා පොලිසියට දුන් ලිිපිනය සහ විස්තර ද ව්‍යාජ ඒවා බව හඳුනාගෙන තිබේ.

සපුගස්කන්ද පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදු යන්න වියදම වැඩියි… බහුදින යාත්‍රා විශාල ප්‍රමාණයක් ධීවර වරායවල… සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය කියයි!

Next Post

වතු කම්කරුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී 21ක් රෝහලේ… 17කට බරපතලයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.