ලලිත් චාමින්ද –
ඉන්ධන, අයිස්,ගෑස් ඇතුළු ධිවර ආම්පන්නවල මිල විශාල වශයෙන් ඉහලයාම නිසා ඒ සදහා වැයවන පිරිවැය දරාගැනිමට නොහැකිවිමෙන් බහුදින යාත්‍රා විශාල සංඛ්‍යාවක් ධිවර වරායන්වල නැංගුරම් ලා ඇති බැව් සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පවසයි.
මසුන් ඇල්ලිමට යාමේ දි එක් මුහුදු ගමනක් සදහා බහුදින යාත්‍රා හිමියෙකුට විශාල වියදමක් දැරිමට සිදුවි ඇති බව පවසන රත්න ගමගේ ඩිසල් මිල වැඩිවිම නිසා එක් මුහුදු ගමනක් සදහා රුපියල් එක්ලක්ෂ අසුදහසක පමණ අමතර පිරිවැයක් දැරිමට සිදුවි ඇති බවද පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් රත්න ගමගේ මෙසේද කිවේය.
“මාසයක් ඇතුළත භුමිතෙල් මිල රුපියල් 16කින් වැඩිවුනා. ඩිසල් මිල රුපියල් 45කින් වැඩිවුනා. ධිවර ආම්පන්න මිල වැඩිවුනා. ඒ ආම්පන්න තත්වයෙන් බාලයි. අයිස් හා ගෑස් මිලත් වැඩිවෙලා තියෙනවා. “
“මේ ගැටලු නිසා පිඩාවට පත්වෙලා හිටපු ධිවර ප්‍රජාවට ඉන්ධන මිල වැඩිවිම බරපතල ගැටලුවක්. භුමිතෙල් මිල වැඩිවිම නිසා .සුළුපන්න ධිවරයෙකුට මාසයකට රුපියල් 15000ක පමණ අතිරේක පිරිවැයක් දැරිමට සිදුවෙලා තියෙනවා. මේ නිසා මත්ස්‍ය අස්වැන්න අරන් එන ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. ධිවර ප්‍රජාවගේ ආදායම අඩුවෙලා තියෙනවා. ධිවර කර්මාන්තය කඩා වැටිමට ලක්වෙමින් තියෙනවා.”
“ඒ විතරක් නෙවෙයි ධිවර ප්‍රජාවගේ ජනජිවිත කඩාවැටිමට ලක්වෙලා තියෙනවා ධිවර කර්මාන්තයෙන් ධිවර ප්‍රජාව ඇත්වෙමින් තියෙනවා”
රත්න ගමගේ වැඩිදුරටත් සදහන් කළේය.