අටලුගම 09 හැවිරිදි දැරිය ඝාතනය කළ ඝාතකයා ඉදිරි පැය කීපය තුළ අත්අඩංගුව ගත හැකි වනු ඇති බවත් ලැබුණු විධිමත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ කෙරෙන බවත් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
මේ වනවිට බණ්ඩාරගම පොලිසිය මගින් පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යමින් ඇත. දැනට වාර්තාවන පරිදි මෙම ඝාතන සිද්ධියේ සැකකරු දැරියගේ නිවස අසලම පදිංචිවී සිටින ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකි.
මෙම තැනැත්තා ගෙදරට නිතරම යන එන අයෙක් බවටත් දැරිය මෙම පුද්ගලයා හොඳින් දන්නා අඳුනන අයෙක් බවටත් තොරතුරු ලැබී ඇත.
දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම දැරිය මස් රැගෙන නිවසට යන අතර තුර ඇයව ඝාතනයට ලක් වූ බවට සැක කරන අතුරු මාර්ගයට හැරී ටික දුරක් ගොස් නැවතී සිට ඇත. අසල් වැසි කාන්තාවක් ඇයගෙන් නැවතී සිටින්නේ ඇයි දැයි විමසූ විට ඇය කියා ඇත්තේ සීයා එනතුරු රැඳී සිටින බවකි. එසේ අසනවිට ඇය තරමක් තිගැස්මකින් සිටි බව එම කාන්තාව කටඋත්තර ලබා දී පවසා තිබේ.
දැරිය දූෂණයට ලක් වී ඇතැයි සැක සිතෙන තොරතුරු මූලික විමර්ශනවලදී පොලිසියට ලැබී ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද දින පැවැත්වීමට නියමිතව තිබේ.
මේ වනවිට කීරකොටුවක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙක් සම්බන්ධව විමරශනය කරනු ලැබ ඇතත් ඔහු මෙම අපරාධයට සම්බන්ධ බවට තොරතුරු ලැබී නැතැයි ද පොලිසිය කියයි.