දිනසේන රතුගමගේ –
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි අතුරුදහන්වූවන් පිළිබදව සොයා බැලීමේ සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපතිනිය ඊයේ ( 29 ) හෘදයාබාධයකින් මියගොස් තිබේ.
අරුලාන්නදන් මේරී පාතිමා නැමති 69 හැවිරිදි කාන්තාව යුද සමයේදී අතුරුදහන් වූ සිය පුතා සොයා දෙන ලෙස ඉල්ලා වසර 13 ක්ම අරගලයේ නිරතව සිටි කාන්තාවකි.
ඇය මිය යන අවස්ථාවේදීද අරගලයේ නිරතව සිට ඇති අතර එහිදී වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
යාපනය දිස්ත්‍රික් සභාපති ධූරයට පත් පාතිමා යුද සමයේදී විවිධ හේතූන් මත අතුරුදහන් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිට ඇත.
ඇයගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරණ යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබදව සොයා බලන සංවිධානය ප්‍රකාශ කොට ඇත්තේ ගත වූ වසර 13 ක කාලය ඇතුළත යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් 322 දෙදෙනෙකු මිය මේ වනවිට ගොස් ඇති බවයි.